අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නවසීලන්ත සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

අද(29) දහවල් 12.30ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.308 දරණ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා  සහ දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත්ව ගිය බව අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග නවසීලන්ත සංචාරය සඳහා  10 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් එක්ව සිටින බව සඳහන්ය.

මෙරට අග්‍රාමාත්‍යවරයෙකු නවසීලන්තයේ නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වෙයි.

LEAVE A REPLY