ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජන රජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිළ ෆේස් බුක් පිටුව මේ වන විට අඩපණ වී ඇත..මෙරට සහ විදේශීය ෆේස් බුක් සමාජ ජාලා ගිණුම් හිමියන් විසින් වැඩි කැමැත්තක් පළ කර ඇති ගරු අග්‍රාමාත්‍ය තුමන්ගේ ෆේස් බුක් පිටුවේ නිසි කලට වෙලාවට පළකිරීම් යාවත් කාලීනව නොවෙමින් පවතී…මීට මාස කිහිපයකට පෙර නිළ සංචාරයක් සදහා මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩී මහතාගේ පැමිණීමේ පුවත එදින රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ෆේස් බුක් පිටුවේ පළ නොවූ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය තුමන්ගේ ෆේස් බුක් පිටුවේ පළ වී ඇති අයුරු දක්නට ලැබුණි..
මේ පිළිබද සමාජ ජාල වෙබ් අඩවි කිහිපයක් පසු ගිය දින තුළ මෙම පුවත පළ කර තිබූ අතර අග්‍රාමාත්‍ය කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මේවනතුරු කිසිදු පියවරක් ගෙන නොමැත…මීට දින කිහිපයකට පෙර ශල්‍ය කර්මයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගිය ගරු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුව වී ලංකාවට පැමිණ තෙදිනක් ගතවී ඇතත් එය මේ වනතෙක් ෆේස් බුක් පිටුවේ සටහන් කර නොමැති බව ඔබට පහතින් දැක ගත හැක.
පැහැදිලිව මෙයින් පෙනී යන්නේ අගමැතිතුමන් විසින් පත් කරනු ලැබූ අග්‍රාමාත්‍ය කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක අගමැතිතුමන්ටම වල කපන බවයි..වග කිව යුතු ඇමැතිවරයෙක් සහ කාර්‍ය මණ්ඩල ප්‍රධනියෙක් වශයෙන් ඔහුට පැවැරී ඇති රාජකරිය සිතා මතා පැහැර හැරීමක් බව වගකීමෙන් යුතුව අපට ප්‍රකාශ කළ හැක…තමන් යටතේ පවතින අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ රාජකරියවත් නිසි ලෙස ඉටුකර ගැනීමට බැරි සාගල රත්නායක මහතා තව දුරටත් එම තනතුරේ සිටීම සුදුසු නැති බව අපි අවධාරණය කරන්නෙමු..ගරු අග්‍රාමාත්‍ය තුමන්ගේ කාරුණික අවධානය පිණිස මෙම පුවත පළ කර සිටිමි