ත්‍රීකුණාමලය – හබරණ ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර 84 ප්‍රදේශයේ දී ලොරි රථයක ගැටී අලි පැටවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ අලි පැටවා අනතුරට පත්වූ ස්ථානය අලිමංකඩක් බැවින් අනතුරු ඇඟවීම් පුවරු ද සවි කර ඇති බවයි.

අනතුරෙන් පසු ලොරි රථය පලා ගොස් ඇති අතර එහි රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව පොලිසියේ සහ යුද හමුදාවේ සහය ද ඉල්ලා තිබෙනවා.