ජනාදිපති වරණය අවසන්වී පැය 24ක් යන්නට මත්තෙන් ඇමරිකාව බලා පැන ගිය බැසිල් රාජපක්ෂ බරපතල වංචා දුෂණ ගණනාවක් තිබියදී දිවි නැගුම යටතේ ලබාගත් බට සම්බන්ධව වංචාවක් සිදුවී ඇති කියා පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදී.

ඉන් අනතුරුව අගෝස්තු පළවෙනිදා වනතෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරනලදී.

මෙය ඉතා කූට සැලසුමක් බව මේ වනවිට අප වාර්තාකරුවන්ට තොරතුරු ලැබී ඈත. පසුගිය දවසකදී ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරයකු සහ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් සිනමන් ලේක් හෝටලයේ VIP කාමරයක් තුල සිදුවී ඇත.ආණ්ඩුවේ ඇමතිවරයා අගමැති තුමාගේ ඉතා කිට්ටු හිතවතෙකු වන අතර  මෙහිදී  ඇති කරගත් එකගතාවයට අනුව බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වට පිටව සකසාගන්නා ලදී.

බැසිල් රාජපක්ෂ මහතාගේ මුලික අරමුණ වී ඇත්තේ ඒකා බද්ද විපක්ෂය තුල තම ස්ථාවරය ගොඩනගාගැනීම සහ තමාට විරුද්ධව සිටින මැති ඇමතිවරුන්ගේ  වැරදි මතය දුරුකරගැනීමට බව සදහන්වෙයි.

බැසිල් රාජපක්ෂ මෙලෙස තමන් වැටී ඇති දේශපාලන ආගාධය හා ඒකාබද්ධ විපක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අතර තමා පිළිබඳව ඇති දැඩි අකමැත්ත දුරු කරවාගෙන ආණ්ඩු විරෝධී ජනතාව සමග තමන් සිටිනා බැවින් තමන්ව ආණ්ඩුව අත් අඩංගුවට ගත් බව රටේ ජනතාවට ඒත්තු ගන්වමින් සරලවම කියතොත් ජනතාව ගොනාට ඇන්දවීම සඳහා මෙම සැලැස්ම ක්‍රියාත්මක කොට ඇති බව සැකයක් නොමැත.

මේ අතර මෙම ඩීල් එක දමා ඇති රජයේ අමාත්‍යවරයා මෙම ක්‍රියාවට හිලව් වශයෙන් ඉල්ලා ඇත්තේ කෙසේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කොට එහි බලය දියාරුකොට එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ලෙස බලය ක්‍රියාත්මක කල හැකි වට පිටාවක් සකස් කරදෙන ලෙසයි.

තවද බැසිල් රාජපක්ෂ පිළිබඳව මහා පරිමාන දුෂණ හා වංචා තිබියදීත් ඔහු මෙවැනි කාරණයකට  අත්අඩංගුවට ගෙන ඇත්තේ නිශ්චිතවම අගෝස්තු 1 වනදා ඔහු අප මත මුදා හැරීමට ඇති අවශ්‍යතාවය නිසා බව හොදින්ම පැහැදිලිවන්නේ බැසිල් රාජපක්ෂගේ නඩුව සම්බන්ධව නිකුත් කරනු ලැබූ පිටු තුනකින් සමන්විත  B වාර්තාවේ පිටු දෙකක් පමණක් මාධ්‍යට නිකුත් කොට එක පිටුවක් හිතා මතාම අස්ථානගත කිරීමෙනි.

එමෙන්ම මෙම අත් අඩංගුවට ගැනීම සැලසුම් සහගතව කල බවට මනාව ඔප්පුවන්නේ මහනුවර සිට කොළඹට පා ගමනේ එන්නට සුදානමින් හිසෙන් බසින රෝගයකින් තොරව සිටි බැසිල් රාජපක්ෂ බන්ධනාගාර ගත කල විගස අසනීප වී බන්ධානාගාර රෝහලට ඇතුලත් කිරීමම නොව ඔහුට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ප්‍රමාණවත් නොවී කොළඹ ජාතික රෝහලේ මුදල් ගෙවා පෞද්ගලිකව සත්කාර කරන වාටුවකට ඇතුලත් කිරීමය. මෙම වාට්ටුව තුල බැසිල් තම දේශපාලන කටයුතු ඉතා හොදින් සිදු කරමින් සිටින බව අපගේ ජාතික ජෝහළේ වාර්තාකරුවකුද සනාත කළේය.

මෙම සැලසුමට සම්බන්ධවූ රජයේ පාර්ශවයේ ඇමතිවරයා මීට ඉහතදීත් සජින් වාස් ගුනවධන හිටපු මන්ත්‍රී හොරාටද ආරක්ෂාව සැලසීම හා ඔහුට අදාලව නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස බලපෑම් කල බවට චෝදනා එල්ලවී ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධව රජයේ ඇමතිවරුන් අතරද යම් කසු කුසුවක් අත්වී තිබේ ඔවුන් මෙම ඇමතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව අගමැති වරයා දැනුවත් කිරීම සදහා සුදානම් වන අතර මෙවැනි ඩීල් නිසා වර්තමාන ආණ්ඩුව පිළිබඳව හා එක්සත් ජාතික පක්ෂය පිළිබඳව රටේ ජනතාව තබා ඇති විශ්වාසය පලුදුවන බැවින් මෙවැනි ක්‍රියා වහාම නතර කරන ලෙසට අගමැතිවරයා හරහා ඔහුට අවවාද කිරීමටද ඔවුන් උත්සාහ ගනිමින් සිටින බවටද වාර්තාවේ.