ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ වෘත්තීන්ට හා සේවාවන්ට සෘජුවම ඉන්දීය බලපෑම් මත ක්‍රියාත්මක කිරීමට නියමිත එක්‌ටා ගිවිසුමට දැන් සීපා ගිවිසුම නමින් වක්‍රාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කොට තිබෙන යුගයක ඉන්දියානුවන් කලක සිට මෘදුකාංග ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකියන්ට තර්ජනයක් වී ඇති බව ඔබ හොඳටම දන්නවා ඇති.

මේ සියලු කටයුතු ආරම්භ කෙරුනේ පහුගිය රාජපක්ෂ පාලන කාලයේදියි.එම කාලයේ සිට දිනේෂ් සපරමාදු නැමති මහින්ද රාජපක්ෂ හිතවාදීයා ඔහුට අයත් ෂෙනිඩ් නමින් මෘදුකාංග ආයතනයක් තුලින් මේ කටයුතු සියල්ල හොර රහසේම සිදුකරගෙන ගියා.
ෂෙනිඩ් ආයතනයේ ශ්‍රීලාංකීය මෘදුකාංග ඉංජිනේරුවන් මෑතක සිට ඉන්දියන් පිරිසක් යටතේ වැඩ කටයුතු වල යෙදෙන අතර ශ්‍රී ලාංකියන්ට කුඩම්මාගේ සැලකිලි ලැබෙන බවයි වාර්තා වන්නේ. එම ආයතනයේ පාලනාධිකාරිය යහපාලනය කෙරෙහි ජනතාවගේ කලකිරීම ඇති කරන්නට ඉන්දියානුවන්ට රැකියා ලබාදී ශ්‍රී ලාංකියන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් වාර්තා වෙනවා.
මෙහි සුවිශේෂීම කරුණ වන්නේ මොවුන්ගේ මෘදුකාංගයේ තත්වය බාල බවට දිනපතාම පාරිභෝගික පැමිණිලි ලැබීමයි.

එමෙන්ම කූට ව්‍යාපාරිකයෙකු වන දිනේෂ් සපරමාදු, මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කරන ලද තොරතුරු තාක්ෂණික රජයේ ව්‍යාපෘති කිසිවක් තවමත් සම්පූර්ණ කොට නැති අතර, රජයේ ව්‍යාපෘති වසර ගණනක් තිස්සේ ඇදගෙන යන අතර ඒවා සම්පූර්ණ කිරීමට සිටි සේවකයන්ද කලකිරීමෙන් ආයතනය හැර ගොස් ඇත්තේ ඉන්දියානු සේවකයන් අඩු මුදලට ගැනීමට ශ්‍රීලාංකීය සේවකයන් හට විවිධ කූට වැඩ සිදුකර ඔවුන් ඉවත් වී යන ලෙසට මෙම පුද්ගලයා කටයුතු කිරීමෙනි. එමෙන්ම එම ව්‍යාපෘති වල තත්වය ගැන වර්මාතන රජයට දෙවරක් සිතන්නට වන අතර එටිසලාට් සමාගමේ ශ්‍රී ලාංකික හිටපු විධායක නිළධාරීවරයා වන ඔහුගේ මිත්‍ර දුමින්ද්‍රා හරහා තවමත් රජයේ ව්‍යාපෘති සදහා මුදල් ඇදගැනීමට උත්සාහ දරයි.

යන්තමින් වසරකට පෙර ජනතාව විසින් ප්‍රතික්ශේප කර බලයෙන් පහකළ පසුවත්, නැවතත් තමන්ට හුරුපුරුදු සිංහල ජාතිකවාදයේ කර මත නැගී අලුත් වටයකින් බලයට පැන ගැනීමට දත කන රාජපක්ෂ පරපුර නැවත නැවතත් අසීරුවෙන් පත් කරගත් මේ ආණ්ඩුවේ දූෂිතයන් සමගද යහන්ගතවී ඔවුන්ගේ ගතමනාව සරි කර ගැනීමේ උත්සහයක සාර්ථකව නිරත වි සිටීම ලැජ්ජාවට කරුණක් වනවා.

අප මේ ආණ්ඩුවේ වගකිවයුත්තන් හට ඉතා අවධාරණයෙන් කියා සිටින්නේ මෘදුකාංග ක්ෂේත්‍රයේ නියුතු ශ්‍රීලාංකීය නිලධාරීන් හට ඉතා අසාධාරණයක් කරන මෙම සමාගම පිළිබඳ මූලික විමර්ශනයක් පවත්වන ලෙසටයි. එමෙන්ම නීතිවිරෝධි ලෙසින් ඉන්දියානු සේවකයන් යොදවාගෙන ශ්‍රීලාංකීය මෘදුකාංග ක්ෂේත්‍රයේ කඩාවැටීම සිදු කිරීම පිලිබඳවද එම පරීක්ෂණ වලදී මෙම පුද්ගලයා සහ මෙමසමාගමට එරෙහිව නීතිය අකුරටම ඉටු විය යුතුය.

ඉතා අඩුමුදලට ඉන්දියාවෙන් මෘදුකාංග ඉංජිනේරුවන් ලංකාවට පටවන
දිනේෂ් සපරමාදුගේ ඉන්දියානු ඒජන්තයින් දෙන්නා.

13699353_1051341171588195_721056103_o 13695865_1051341184921527_1540748206_n