එංගලන්තය සමග අද (21) ආරම්භ වන එක්දින ක‍්‍රිකට් තරගාවලියට තමන් ඇතුළු කණ්ඩායම සහභාගි වන්නේ ජයග‍්‍රහණය පිළිබඳ සුබ බලාපොරොත්තු සහිතව බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

අයර්ලන්තය සමග ඉකුත් දා පැවති තරග දෙකේදී දැක්වූ දක්ෂතා නිසා කණ්ඩායමේ මානසික ශක්තිය වැඩි වී තිබෙන බවයි මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ.

එංගලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර එක්දින ක‍්‍රිකට් තරගාවලියට තරග 5ක් ඇතුළත් වනවා.

පළමු තරගය අද (21) පැවැත්වෙන්නේ නොටින්හැම් හි ටේ‍්‍රන්ට් බි‍්‍රජ් (Trent Bridge) ක‍්‍රීඩාංගණයේදීයි. ශ‍්‍රී ලංකා වේලාවෙන් සවස 6.30ට පමණ මෙම තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY