ලංකා IOC සමාගම විසින් අලෙවි කරන සුපිරි පෙට්‍රල් සහ සුපිරි ඩිසල් ලීටරයක මිල අද (09) සිට රුපියල් 2කින් පහත දමා තිබෙනවා.

ඒ අනුව එක්ස්ට්‍රා ප්‍රිමියම් යුරෝ ත්‍රී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 123 සිට රුපියල් 121 දක්වා අඩු වන අතර, එක්ස්ට්‍රාමයිල් ඞීසල් ලීටරයක මිල රුපියල් 99 සිට රුපියල් 97 දක්වා අඩු වනු ඇති.

ලංකා IOC  සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා මහතා ප්‍රකාශ කළේ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල පහත වැටීමට සාපේක්ෂව එම මිල සංශෝධනය සිදුකළ බවයි.

ලංකා IOC  සුපිරි පෙට්‍රල් සහ ඞීසල් මිල පසුගිය මාර්තු 1 වන දා ද අඩු කළ අතර, ජුලි 1 වන දා සිට නැවත ඉහළ නංවනු ලැබුවා. නැවතත් අද සිට එම මිල රුපියල් 2කින් අඩු කෙරෙන බවයි ලංකා IOC කළමනාකාර අධ්‍යක්ෂවරයා සදහන් කළේ.

LEAVE A REPLY