මේ පුංචි රටේ මෙච්චර සමාජ ජාලා වෙබ් අඩවි ඇති රටේ අනුර සහෝදරයගෙ පුතා ගැන තබා ඔහුගෙ බිරිඳ ගැන හෝ අපි දැනගත්තෙ මේ ප්‍රශ්නෙන් පසුව සහෝදරයා.

මෙච්චරකල් අනුරට මඩගහද්දි පුංචි අම්මව බැඳල කියල මම හිතාගෙන උන්නෙ අම්මගෙ පැත්තෙන් දුරෙන් ලේ නෑ වෙන අයෙකුට මෙහෙම කියනව කියල.
ඇත්තටම පුද්ගලික තොරතුරු දන්නෙම නැහැ.
ඔච්චර කිට්ටුවෙන් උන්න නලින්ද අයියගෙ බිරිඳ තවම හමුවෙලා නෑ.

අනුර සහෝදරයගෙ පුතා පක්ෂයෙ වැඩවල නියැලිලා තිබ්බ බව ඇතැම් සොයුරන් මවෙත එවූ පොටෝ වලින් සාක්ෂි.
නමුත් අනුර සහෝදරයගෙ බලා පොරොත්තුවක් නැහැ, අපි කාගෙවත් නැහැ පක්ෂ නායකයො කරවන්න ඉලක්ක කරල දරුවො පක්ෂෙට බඳවන්න.

අපිට වෙන ග්‍රහලොවකට ගිහිං හෝ කියුබාවට ගිහිං බැහැනෙ සහෝදරයා මෙහි සමාජවාදය ගොඩනගන්න.
මේ රටේම ඉඳගෙන, මේ රටේම ඉගෙනගෙන තමා දේශපාලනෙත් කරන්න වෙන්නෙ.

ඔබ දන්නවද පක්⁣ෂෙ ශිෂ්‍ය අංශයෙ ඉන්නව රටේ ප්‍රධාන ජාත්‍යන්තර පාසලක සිසුන්ගෙන් සැදි කමිටුවක්. සමහරෙක් බුකියෙ මගෙ මිතුරො.

මේ ලියන මගෙ තාත්ත 77 යූඑන්පිය බලයට ගේන්න චන්දෙත් ඉල්ලුව. අයිය 2006 ප්‍රාදේශීය සභාවට ඉල්ලුව. අම්ම ප්‍රේමදාස මැරිච්ච වෙලාවෙ ඇඬුව. අද ඇය අපිට ආදරෙයි.

තාත්ත කවදාවත් අපිව දේශපාලනේට බලෙන් ඇදල ගත්තෙ නැහැ.

ආයෙ එන්නම්. මවට ලැබුන වන්දි මුදලින්, අනුරයියටත් අනිවාර්යයෙන් අදාල පවුලේ නඩත්තවු වෙනුවෙන් පක්⁣ෂෙන් ලැබෙන මුදල් ද සහිතව ඉගෙනගත් දරුව තීරණය කරනවනම් මේ සිස්ටම් එක ඇතුලෙ තියන රජයේ මුදල්වලින් පළමුව ගොඩනැගිච්ච ස්ලිට් ආයතනයෙන් ඩිප්ලෝමාවක් හදාරන්න, වැඩිහිටියෙකු ලෙස ඒ තීරණයට ගරු කරන්නම වෙනව. මිහින් ලංකා සඳහා පැවති තරග විභාගෙන් දෙවැනිය වෙනව ඔහු.

මිහින් ලංකා වහද්දි එහි සිටි කසුන්ගේ වෘත්තික මට්ටමේ සගයන් ගෙන් සියයකට වැඩි ප්‍රමාණයක් එයාලංකා එකට ගන්නව. එහි කසුනුත් ඉන්නව.
කසුන් ඉලක්කගත චරිතයක් නොවේ. ඕනම ආයතනයකට සුදුස්සොත් කිසියම් ප්‍රතිශතයක් ගන්නව.

ඩීල් එකක් වෙනවනම් රස්සාවකට, අනුරට ජනපතිවරණය කාලෙ කීයකට ලංසුවෙන්න තුබුනද. සචින් වාස්, නාමල්, නිශාන්ත වික්‍රමසිංහ, ශ්‍රීලංකන් එකේ කෝප් වාර්තාව ගිය අවුරුද්දෙ මුල එද්දි, අනුර සහෝදරයා තමා කතා කලේ. සචින් අනික් පැත්තට පැන්න එකත් එහෙමමයි. ළඟදි කොපමන මාතෘකා කතා කලාද. ඕක වහන්න ඕනනම් අනුර උදව් කරන්නත් ඕන මහින්දට.
ඔබට මතකද, නිශාන්ත වික්‍රමසිංහගෙ සා.පෙල ප්‍රතිපල පාර්ලිමේන්තුවේ ඇහුවෙත් අනුර සහෝදරය.

ටිකයි ලීවෙ, හිතන්න එපා අපි පක්ෂෙ ආගමක් මෙන් වන්දනා කරනවා කියල. එහෙම නෑ.

පසුගිය මාසෙ දින දෙකක් අපේ යෝජනා වෙනුවෙන් සටන් කලා සයිටම් ගැරළුවට අදාලව පමණක් ක්. මම වගේ පක්ෂෙ හිතවතුන්ට පවා ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථා දෙන පක්ෂය ඇතුලෙ නියම ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනව. එනිසයි සහෝදරයා අපි මෙතන ඉන්නෙ.

– Thushara Jayasooriya