පසුගියදා රටේ මහත් කතාබහක් ඇති කරමින් පැතිරගිය පුවතක් වුයේ ත්‍රියි නිකායික මහානායක හිමිවරුන් ප්‍රධානකොටගත් සංඝයා වහන්සේලා රජය විවේචනය කරමින් යෝජනාමාලාවක් සකස් කල බවත් එයින් නව ව්‍යවස්ථාවක් ගෙන එම වහාම නවතන ලෙසට රජයට බලපෑම් කල බවත්ය. පොල් ගෙඩි අකුරින් පුවත්පත් ශීර්ෂ පාඨද පළවෙද්දී බංකොලොත් හා පරාජිත දේශපාලකයන් එය සටන්පාටයක් කොටගත්තේ සංඝයා වහන්සේලා ඔවුන්ගේ ආණ්ඩු පෙරලීමේ සිහිනයට ඈඳා ගැනීමටය. ඒ සඳහා සමාජ ජාල හා වෙබ් වල සිට ඔවුන්ගේ ජඩ මාධ්‍ය මෙහෙයවුයේ මහා සංඝරත්නය ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහිව උසි ගන්වන්නටය.

නමුත් ඊයේ දින ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මහනුවරට ගොස් මහානායක ස්වාමින් වහන්සේලා බැහැදැක උන් වහන්සේලා සමඟ සාකච්චා පැවැත්වීය. එහිදී උන් වහන්සේලාගේ යෝජනා මාලාව ජනාධිපතිතුමන්ට ලබා දුන් අතර එහි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ඇති කරුණු කාරනා පිළිබඳව උන් වහන්සේලා විවිද කරුණු කතා බහ කල අතර රටේ ඒකීය භාවය නැතිකිරීම, බුදුදහමට ඇති ප්‍රමුඛතාවය ඉවත් කොට රට නිරාගාමික තත්වයට පත් කිරීම වැනි දේ පිළිබඳවද විමසන්නට විය. කරුණු සාවදානව අසා සිටි ජනපතිතුමන් අසා ඇත්තේ කෙටුම්පතක් තියා කිසිදු ලිඛිත සඳහනක් නැති ව්‍යවස්ථාවක් පිළිබඳව මෙසේ කරුණු කියන්නේ කෙලෙසද ලෙසයි. එසේ ලියවිල්ලක් හෝ ඇත්නම් තමාට එය ඉදිරිපත් කරන ලෙසයි.

වැඩිදුරටත් එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ අවසන් ලියවිල්ලක් මෙතෙක් සකස් කර නොමැති බවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදයක් අද රට තුළ මතුව තිබුණ ද, රජය එවැන්නක් කෙටුම්පත් කරන්නේනම් එය රටේ අනාගතය සහ ස්ථාවරත්වය පිළිබඳන් අධ්‍යයනය කරමින් සිදුකරන්නක් බවයි. එමෙන්ම ඕනෑම අවස්ථාවක එම ව්‍යවස්ථාව සකස් කරන විට එහි අන්තර්ගත කරුණු පිළිබඳව මහා සංඝරත්නය ඇතුළු සියලුම දෙනා දැනුවත් කොට එය සිදු කරන බවද ජනාධිපතිතුමන් ප්‍රකාශකොට තිබෙනවා.

මෙහිදී සංඝයා වහන්සේලා ප්‍රකාශ කොට ඇත්තේ වත්මන් ආණ්ඩුවේ නොයෙකුත් අය විවිධ මත පල කරන බැවින් මෙසේ ජනාධිපතිතුමන්ගෙන් සත්‍ය දැන ගැනීම ඉතා වටිනා බවත් වත්මන් ජනාධිපතිවරයාගේ වචනය පමණක් උන් වහන්සේලාට විශ්වාස කල හැකි බවයි.

ත්‍රියි නිකායික මහනායක හිමිවරුන් ප්‍රමුඛ සංඝ සභාවද ප්‍රකාශ කොට ඇත්තේ එක් එක් දේශපාලකයන්ගේ විශ්වාශ විරහිත යම් යම් ප්‍රකාශ නිසා මෙවැනි ගැටළු පැන නැගී ඇති බවත් ජනාධිපතිතුමාගේ ස්ථාවරය හා ආගම දහම මෙන්ම රට පිළිබඳව එතුමන්ගේ ක්‍රියාකලාපය උන් වහන්සේලාද අගය කරන බවයි. රටේ ඒකීය භාවය හා ස්වයිරි භාවය පිළිබඳව කටයුතු කොට රට ඉදිරියට ගෙනයාමට ශක්තිය ධෛරිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් සෙත් පිරිත් සධ්ජායනාවක්ද සිදු කොට උන් වහන්සේලා ජනාධිපතිතුමන්ට හා රටට සෙත් පතමින් මහනුවර ජනාධිපති මන්දිරයේ පවතී මෙම හමුව නිමා කොට ඇත.

කෙසේ වෙතත් මෙහිදී පැහැදිලිවන කරුණක් නම් බංකොලොත් දේශපාලකයන් මහානායක හිමිවරුන් පවා නොමග යැවීමට හා උන් වහන්සේලා ආණ්ඩුවට එරෙහිව උසි ගැන්වීමට කටයුතු කරන බවයි, නමුත් අපට නම් කීමට ඇත්තේ තම පාලන කාලයේ මහා නායක ස්වාමින් වහන්සේලාගේ බස් ඇසුවානම් ඔවුන්ට ඔය ඉරණම අත් නොවන බව පමණි.