කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හෝ තමන් ශ්‍රී ලංකා කණ්ඩායමට රැගෙන ඒම මෙම පසුබෑමෙන් ගැලවීම සඳහා ඇති විසඳුමක් නොවන බව සුපිරි දඟපන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

ඔහු මේ බව පවසා තිබුණේ ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා ‘ පුවත්පතත් සමග කළ සාකච්ඡාවකදීය.

‘‘ සමුගැනීමෙන් පස්සේ මා ශ්‍රී ලංකා ක්‍රිකට් සමග සම්බන්ධ වුණේ නැහැ.එහි වෙන කිසිවක් මා දන්නේ නැහැ.ඒ ගැන නොදැන කතා කොට පලක් නැහැ.කොහොම වුණත් එහි ප්‍රශ්ණයක් තිබෙනවා.කණ්ඩායමේ දක්ෂතා පහත වැටිලා තිබෙන්නේ ඔවුන් එය නිවැරදිකර ගත යුතුයි.සංගා මහේල හෝ මාව ඒ තැනට පත්කළා කියලා මේ ගැටලුව විසදෙන්නේ නැහැ.සංගක්කාර තවම සෙල්ලම් කරනවා.මහේල සහ මම පුහුණුකරුවන් ලෙස ක්‍රියා කරනවා.අපි කාර්ය බහුල වෙලා ඉන්නේ.ඔවුන්ම මෙම ගැටලුවට පිළිතුරු සොයාගත යුතුයි.. යැයි මුරලි එහිදී පවසා තිබිණි.