රුපියල් මිලියන 45ක මුදලක් අයතා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද  විභාගයට ගැනුණා.

නාමල් රාජපක්ෂ, ඉන්දික ප්‍රභාත් කරුණාජීව, චන්ද්‍රසේකර පවිත්‍රිකා සුජානි බෝගොල්ලාගම, බටපොළ ආරච්චිගේ ඔරනෙලා ඉරේෂා සිල්වා, නිත්‍යා සේනානි සමරණායක හා සීමාසහිත ගවර්ස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගම ඇතුළු විතිතිකරුවන් 6 දෙනෙකු එරෙහිව මෙම නඩු පවරා තිබෙනවා.

ඉන්දික ප්‍රභාත් හා ඔරනෙලා ඉරේෂා මේ වන විටත් අධිකරණය මගහරිමින් සිටිනවා. සීමාසහිත ගවර්ස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගම නියෝජනය කරමින් කිසිවකු අද අධිකරණයේ පෙනී සිටියේ නැහැ.  චෝදනා පත්‍ර භාරදුන් අතර මෙම නඩුව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ විත්තිකරුවන්ට ඇප නියම කළ. එ අනුව විත්තිකරුවන් මේ මසා 28 වැනිදා දක්වා පෙර අපමත මුදා හැරුණා. කොළඹ මහාධිකරණ පොලිස් මුරපොළට ඇගිලි සළකුණු ලබාදීමට නියෝග කළා.  කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ නඩුව අද කැදවනු ලැබුවා.   ලබන 28 නඩුව නැවත කැදවීමට නියමිතයි.

මෙම ආයාත මුදල ගනුදෙනු සම්බන්ධයෙන් දූෂණ විරෝධි හඬේ වසන්ත සමරසිංහ මහතා විසින් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට මුලින්ම පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණ. එ අනුව 2016.08.15 දින නාමල් රාජපක්ස මහතාව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවු අතර එහිදි අත්අඩංගුවට ගැනිවිමෙන් පසු 2016.08 .22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.    

පසුගිය මැයි මස 03 වැනිදා නඩුව යළි කැඳවු අතර එදින පා.ම. නාමල් රාජපක්ෂ මහතා ඇතුළු5 දෙනෙකුට ජුනි මස 6වන දින කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටීමට සිතාසි නියෝග නිකුත් කළා.

රුපියල් මිලියන 45ක මුදලක් අයතා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකුට එරෙහිව හෙලෝකෝප් නමැති සමාගම මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ පනත යටතේ චෝදනා දෙකක් ගොනු කර තිබෙනවා.