වන්නි ගුවන් හමුදා කඳවුරේ බුද්ධි අංශ නිළධාරීන්ට ලැබුණු තොරතුරක් මත වවුනියාව පලම්පිඩ්ඩි ප්‍රදේශයේ දී එල්. ටී. ටී. ඊ ය සතුව තිබූ යුද උපකරණ රැසක් අද (17) දින ගොඩගෙන තිබේ.

වවුනියාව පාලම්පිඩ්ඩි ප්‍රදේශයේ එල්. ටී. ටී. ඊ ය විසින් පවත්වාගෙන ගිය යුද බංකරයක් යට තිබී මෙම යුද උපකරණ තොගය සොයාගෙන ඇත.

සොයාගන්නා ලද යුද උපකරණ අතර බිම්බෝම්බ 74ක් මෝටාර් උණ්ඩ 06ක් අත්බෝම්බ 03ක් ඇතුළු තවත් යුද උපකරණ රැසක් වෙයි.

ගුවන් හමුදා නිළධාරීන් මෙම තොරතුරු ලැබීමෙන් පසුව අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කොට අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත වවුනියාව දිසා විනිසුරුවරයා ඉදිරියේ දී අදාළ යුද උපකරණ තොගය ගොඩගෙන ඇත.

 

13413055_210126696052970_4508027134343461059_n 13413732_210126702719636_1182578231522035608_n