තමා ජනාධිපතිධූරයට පත් වූයේ රට කැඩීමට හෝ රට බෙදීමට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රට බෙදීම හෝ ආරක්ෂක අංශ දුර්වල කිරීමට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදු දහමට හිමි ස්ථානය අහිමි කිරීමට කිසිවිටෙක ක්‍රියා නොකරන බව ජනාධිපතිවරයා කියා සිටියි.

ඉතිහාසය විසින් තමාට පැවරූ වගකීම් රැසක් පවතින අතර එම වගකීම් හෘද සාක්ෂියට අනුව ජනතාව වෙනුවෙන් ඉටු කරන බව හෙතෙම අවධාරණය කරයි.

මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 25ක් පිරීම නිමිත්තෙන්  හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ “අමරවිරු පියමග” මැයෙන් පැවති උත්සවයට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

 

LEAVE A REPLY