එක්සත් ජාතික පක්ෂයට හෝ වෙනත් කිසිඳු පක්ෂයක අපේක්ෂකයෙකුට ජයග්‍රහණයක් පෙනෙන මානයකවත් නොතිබූ යුගයක, රාජපක්ෂ රජයේ ප්‍රධාන අමාත්‍ය ධූරයක් දරමින් සිට ජනාධිපතිවරණයෙන් පසු ජීවත්වීම පවා තීරණාත්මක අභියෝගයක් කරගනිමින් ඉතා තීරණාත්මක ජනාධිපතිවරනයකින් පසු එය ජයග්‍රහණය කල පොදු අපේක්ෂකයා ජනපතිවරණය අවසන් වූ වහාම සියලු පක්ෂ එකමුතුව ජාතික ආණ්ඩුවක් සැදීම සඳහා සියලු පක්ෂ වලට කළ ආරාධනය ජනතා විමුක්ති පෙරමුන, දෙමළ ජාතික සන්ධානය වැනි ඒම ජයග්‍රහණයට අත යටින් උදව් කල අය මග හැරියේය.

එය මග හැර, රටේ ඇති ප්‍රධාන ගැටළුවලට පිළියම් සොයනවා වෙනුවට, තමන්ගේ බලය තහවුරු කර ගැනීම වස් ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ නව ආණ්ඩුවටත් පහර එල්ල කරමින් තම එදිනෙදා දේශපාලන බලය සරිකර ගැනීම පිණිස කටයුතු රද්දී, අනෙකුත් සුලු කණ්ඩායමක් බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ ජනාධිපති කෙනෙකු, බලය තිබූ කාලයේදී උමතුව සිටි හිටපු පාලකයෙක් පසු පස හඹා ගියේය.

මේ අතර කෙසේ හෝ ගැට ගසා ගත් යහපාලන ආන්ඩුවේ සුජාතභාවය පිණිස ජනාධිපති මෛත්‍රීගේ කැපවීම සහ උනන්දුව විනා අනෙකුත් කිසිඳු දේශපාලන නායකයෙක්ට ලභියෝග මැද ලබා ගත් ජයග්‍රහනය ඉදිරියට ගෙනගොස් ඔහු වටා එකතුවී අපේ රට යහපත් දේශයක් කරනු පිණිස කින්න්ශු කැපකිරීමක් නත.
ඇතැමෙක් කිසිඳු ජනපදනමක් නැති කුඩා කල්ලි හා කණ්ඩායම්වල උසුගැන්වීම මත තමා එකම නායකයා යයි කියමින් ජනතාවට බලෙන් ආරූඪ කරමින්, නැවත නැවතත් ශ්‍රී ලාංකීය දේශපාලනය අර්බුදකාරී තත්වයකට ඇද දැමීම තුළ,

පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වී පැමිණි සහ පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ ඇතැම් ඇමතිවරුන්ගේ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳව වර්තමානයේ සැහීමකට පත්විය නොහැකිය.

ලෝකයේ ඉහළ දියුණුවක් ලැබූ සියලූ රටවල් එම සංවර්ධනය උදා කරගෙන තිබෙන්නේ දේශපාලන බේදයකින් තොරව, එම රටේ සහජීවනය සහ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට එකා මෙන් ක්‍රියාශීලීව වැඩ කටයුතු කිරීමෙනි.

එහෙත් අනාගත ජනාධිපති හෝ අගමැති සිහිනයකින් සිටමින් මනෝරාජිකව සිහින දඉමින් පවත්නා ආණ්ඩුවේ එක් පාර්ශවයක් දූශිතයින් රැකීමට ඉදිරිපත්වී සිටින බව දැන දැනත් බලයට කුලල් කා ගන්නා දේශපාලන සංස්කෘතිය අවසන් කර රට ගොඩනැගීමට සියලූ දේශපාලනඥයින් සහ දේශපාලන පක්ෂ එක්වීම යුගයේ අවශ්‍යතාවයක් බව දැන දැනත් ඇතැම් ප්‍රබල ඇමතිවරු රහසිගතව සිදුකරන ක්‍රියාදාමයේ ඇතැම් කොටස් දැන් දැන් එළිදරව් වී අවසානය.

රාජපක්ශ රජය්ටේ දූෂිතයන්ට එරෙහිව ෆයිල් ගණනාවක් විභාග අවසන් කොට නීතිපතිවරයා වෙත ලබාදි ඇත. ඊට අදාල ඇමතිවරයා කතා කරන්නේ ඔහු ඇමතිවරයා වී සිටින තෙක් එම දූෂිතයින් අත්අඩංගුවට ගන්නා ඉඩ නොදෙන බවය.

අද වන විට සමස්ත අපේ රටම ඩෙංගු වසංගතයෙන් වෙලාගෙන හමාරය. ඊට වගකිවයුතු ඇමතිවරයාගේ ක්‍රියාකලාපය ගැන කිසිසේත්ම සෑහීමකටවත් පත් විය නොහැකිය.

මීතොටමුල්ල කුණු ප්‍රශ්නයෙන් පසු කොළඹ ඇතුලුතදාසන්න ප්‍රදේශයන්හී කුණු ප්‍රශ්නය ගැන ආණ්ඩුවට දඩි චෝදනා එල්ල වෙමින් පවතී. එහෙත් විෂය භාර ඇමතිවරයා අන් අයට බෝල පාස් කරනවා විනා වගකිවයුතු පාර්ශවයන් සියල්ල එකතුකරමින් රජය අරසාදයෙන් ගලවා ගැනීම උදෙසා ඊට නිසි පිළියමක් ගන්නා බවක් දක්නට නැත.

රටේ රේගුව ඇතුලු ආදායම් මාර්ග ගෙන දුන් ඇතැම් ආයතන වල දූශිත ගණුදෙනු සිදු කල ඇමතිවරුන්ගේ විෂය පථයන් වෙනස් කල පසුත් අග්‍රාමාත්‍යවරයා මැදිහත්වී ඔහුට චෝදනා එල්ල වු ආයතන නැවත පවරා දෙමින් දූෂණ වංචා වලට උඩ ගෙඩි දෙන්නේ ප්‍රසිද්ධියේය.

බැඳුම්කර සිදුවීම ඊට හොඳම උදාහරණයය. එහි විමර්ශන කටයුතු සිදු කරන්නේ රාජපක්ෂවරුන්ට විරුද්ධව සිදු කරන චෝදනා සිදු කරන්නාක් මෙන්ම ඉතා මන්දගාමීවය. “අන්තිමේදී අල්ලපු හොරෙකුත් නැත” කියන්නට සිදු වෙන බවක් පෙනෙන්නට තිබේ.
ඇවන්ගාඩ් ගණුදෙනුවේදී චෝදනා එල්ල වී ප්‍රසිද්ධියේ වරද පිළිගත් එක් ඇමතිවරයෙක්ට අග්‍රාමාත්‍යවරයා නැවත අමති කමක් දෙන්නේ කිසිඳු හිරිකිතයඉන් තොරවය. ඒ සම්බන්ධයෙන් සිවිල් සංවිධානද අරලියගහ මන්දිරයෑඅ මුදල් වලින් කටවල් වසාගෙනය.

එමෙන්ම මුලු රටම නැවත වතාවක් ගිනි තැබීමට උත්සහ ගන්නේ කොහේවත් නැති ජාති, ආගම්වාදයක් නැවත රට තුළට ගෙනවිත්ය. ඊට අදාලව යම් සැලකිය යුතු වැඩ කොටසක් තිරයෙන් පිටුපස සිට සිදු කරන්නේ ප්‍රබල ඇමතිවරුන්මය.

අප එසේ කියන්නේ මේ කුමන්ත්‍රණකාරී ඇමතිවරුන් එකෙකු ජාති, ආගම්වාදය අවුලවන විට, අනෙකා ඊට ප්‍රතිවුරුද්ධව සිටිමින් සුලුතරය අවුස්සවමින් ක්‍රියා කරයි. තවත් කෙනෙකු සුලුතරය සමගින් ඉන්නවා යැයි කියමින් සිංහල බෞද්ධ ඡන්ද වලට ඇස යොමු කරවමින් සිටියි. අවසානයේ සිදුවන්නේ ජනවාරි 8 ලැබූ ජයග්‍රහණයට සම්පූර්ණයෙන් පශ්චාත් භාගය හරවා අනාගත දේශපාලන සිහිනයක් දැකීමට මේ ප්‍රබල ඇමතිවරුන් සිහින දකිමින් සිටිමයි.

එමෙන්ම මේ සියල්ල අස්සේ අගමැතිවරයා සහ ඔහුගේ සහචරයින් සියල්ලම සිදු කරන්නේ පැවති පවුල් ආණ්ඩුවේ දූෂිතයින්ටත් එහා ගොස් තම හිතවත් අය එකතුකොට එක් පක්ෂයක බලය තහවුරු කර ගැනීම පිණිස ගෙනයනු ලබන විකාරරූපි ක්‍රියාවලියක්ය.

දූෂිත පාලනයක් පරාජය කර පිරිසිදු ආණ්ඩුවක් බිහි කිරීමට මේ රටේ ජනතාව සහාය වන බවට තිබූ විශ්වාසය තුළ පසුගිය රජයෙන් ඉවත්වී නොබියව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පොදු අපේක්ෂක වත්මන් මෛත්‍රී ජනාධිපතිවරයා රටට අවශ්‍ය නව සමාජයීය, ආර්ථික මෙන්ම දේශපාලන පරිවර්තනය ලබාදීම වෙනුවෙන් නොවිඳිනා බැණුම් අසමින් සුවිශාල පරිවර්තනීය වෙනසක් සිදු කරමින් එකම ශ්‍රීලාංකීය ජාතියක් ලෙස නැගී සිටීමට උතුරේත්, දකුණේත් ජනතාවගේ ප්‍රශ්න වලට සමුතිවාදී ආණ්ඩුවක් තුළින් ස්තීරසාර විසඳුම් ලබා දීමට උත්සහ ගනිද්දී එය වැලක්වීමට උත්සහ ගන්නා සුලුතර කොටස සිතිය යුත්තේ ඔවුන් හවුල් වී පිහිටුවාගත් මේ යහපාලන ආණ්ඩුව හරි පාරේ ගෙන යෑමට සම සමව බර අදිමින්, තමන්ට පැවරී ඇති වගකීම් ඉෂ්ඨ කරමින් අපේ රට හරි පාරේ ගෙන යෑමට වත්මන් ජනාධිපතිවරයාට හයියක් විය යුතුය.

තම තමන්ට සිහින දැකීමට අයිතියක් ඇත. එම සිහින වල ජීවත් වෙමින් රටේ වත්මන් පාලනය අවුල් කරමින් පරාජයට පත්වූ මිනීමරුවන්ට නවත බලයට පැමිණීමට ඉඩ සැලසෙන පරිදි වැඩ කටයුතු සිදු කරන්නේ නම් ඊට එරෙහිව අපේ රටම ඉදිරියට පැමිණෙනු ඇත. විවේචන සිදු කල යුතුය. එහෙත් ඒ විවිවේචන තුළ ස්වයං විවේචනද සිදු විය යුතුය. එසේ නොකොට එක් අයෙකුගේ පිට ඒ සියල්ල එල්ලන්නේ නම් එය ජනවාරි 8 වන දින ජයග්‍රහණයට දායක වූ සියල්ලන්ටම කරන අසාධාරණයකි.