පසුගියදා ඇති වූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් විනාශයට පත් කලූතර දිස්ති්‍රක්කයේ බුලත්සිංහල, යටගම්පිටිය, නාගහදොළ ප්‍රදේශයේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (05) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදී විනාශයට පත් නිවාස සහ දේපළ නිරික්ෂණය කළ ජනාධිපතිතුමා ජගත් පරිසර දිනය නිමිත්තෙන් පරිසර අමාත්‍යාංශය විසින් එම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ශ්‍රමදාන වැඩසටහන සදහා ද එක් විය.
යුධ හමුදා සාමාජිකයින්ගේ සහ චීන සහන කණ්ඩායමක දායකත්වයෙන් මෙම ශ්‍රමදාන වැඩසටහන පැවැත්වෙයි.
පාහියන්ගල කන්ද නාය ගොස් නාගහදොළ ගංගාව අවහිරවීම හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයන් නිසා නාගහදොළ ප්‍රදේශවාසින්ට මෙම ගංවතුර තර්ජනයට මුහුණදීමට සිදූ වූ අතර එම ස්ථානය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ඒ පිළිබද කඩිනම් වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙස ද දිස්ති්‍රක් ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේය.
එමෙන්ම පස් කඩාවැටීම හේතුවෙන් අවහිර වූ නාගහදොළ ගග නැවත පිළිසකර කිරීම පිළිබදව ද කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස  නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.
ආපදාවට ලක්වූ  පවුල්වල පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා එම ජනතාවගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය සහ අනෙකුත් අවශ්‍යතා පිළිබදව නිරන්තරයෙන් සොයා බලමින් කටයුතු කරන ලෙස දිස්ති්‍රක් ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේය.
ප්‍රදේශයේ විනාශයට පත් නිවාස වෙනුවට නව නිවාස ඉදිකරදීම සදහා අවශ්‍ය ඉඩම් මේ වන විට හදුනාගෙන තිඛෙන අතර නැවත පදිංචි කිරීම් සදහා එම ඉඩම් සුදුසු බවට නිසි ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසු එම පදිංචි කිරීම කඩිනම් කිරීමට ද ජනාධිපතිතුමා  දිස්ත්‍රික් ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේය.
අනතුරුව බුලත්සිංහල, යටගම්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ පැවති පීඩාවට ලක්වූ ජනතාව සදහා ද්‍රව්‍යමය ආධාර ලබාදීමේ වැඩසටහන සදහා ද ජනාධිපතිතුමා එක් විය.
ප්‍රදේශයේ ආපදාවට ලක්වූ  1650 දෙනෙකු වෙනුවෙන් මෙම ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාග කෙරුණු අතර එය සංකේතවත් කරමින් දහ දෙනෙකු වෙත ද්‍රව්‍යමය අධාර ඛෙදාදීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
පූජ්‍ය පාහියන්ගල ආනන්ද ස්වාමින් වහන්සේ ද, අමාත්‍ය මහින්ද සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, කලූතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී ජයලාල් යන මහත්වරුන් ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.