කාර්ය බහුල ලෝකයේ බොහෝ දෙනෙකු දැන් දැන් විඩාබර ජීවිතයෙන් මිදිලා ජීවිතයේ සැනසුම හොයාගෙන යන්නට පුරුදු වෙලා තියෙනවා. ඒ නිසාම ලොව සිවුවැනි විශාලතම ආගම ලෙස සැලකෙන බෞද්ධ දර්ශනය කෙරෙහි ඇමරිකාව ප්‍රමුඛ රටවල්වල විදෙස් ජාතිකයින් දවසින් දවස නැඹුරුවීමේ ප්‍රවණතාවය වැඩිවී තිබෙනවා.ඒ ගැන මීට වසර කිහිපයකට පෙරම USA TV news පවසා සිටියේ මෙවැන්නක්.

කෙසේ වෙතත් අන් ආගම් සමඟ සසඳන විට මිනිස් ජීවිතයේ යතාර්ථය තේරුම් ගෙන දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ ඒකායන මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන දේශනා කරන එකම දහම බුදු දහම වන බැවින් බුද්ධිමත් හා උසස් චින්තන ශක්තියක් ඇති පුද්ගලයන් බුදු දහම වෙත ආකර්ෂණය වීම දැක ගන්නට ලැබෙනවා.

ඉදිරි අනාගතයේදී ලොව ප්‍රමිඛතම ආගම බවට පත් වන්නේ බුදු දහම බවට විවිධ අනාවකිද පලවී තිබෙන අතර මේවායෙන් එම අනාවැකි වඩාත් තහවුරු වන බවනම් අපට පෙනී යනවා….