ගාල්ල වරායේ නැන්ගුරම් ලා ඇති ඇවන්ගාර්ඩ් සමාගමට අයත් නෞකාවේ සිටි යුක්රේන ජාතික කපිතාන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(23) පස්වරුවේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

නීති විරෝධී ගිනි අවි ප්‍රවාහනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු මේ වන විට ගාලු වරාය පොලීසිය වෙත රැගෙනවිත් තිබේ.

 

 

LEAVE A REPLY