ගංවතුරෙන් හා නායයාමෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා ඉන්දුනීසියාවේ “සංඝ ථේරවාද ඉන්දුනීසියා” සංවිධානයේ සහ ලයන් එයාර් සමාගමේ සභාපති Kushan Kirana Ayung මහතා සහ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින් වහන්සේ විසින් පරිත්‍යාග කෙරුණු මූල්‍යමය ආධාර අද (21) පෙරවරුවේ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීණි.

ඉන්දුනීසියාවේ “සංඝ ථේරවාද ඉන්දුනීසියා” සංවිධානයේ සහ ලයන් එයාර් සමාගමේ සභාපති Kushan Kirana Ayung මහතා විසින් රුපියල් විසිපන් ලක්ෂ හය දහසක මුදලක් (2,506,000) සහ මහාචාර්ය පූජ්‍ය ඛෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින් වහන්සේ විසින් රුපියල් ලක්ෂ පහක (500,000) මුදලක් මෙලෙස පරිත්‍යාග කෙරිණි.

මෙම මූල්‍ය පරිත්‍යාගයන් මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින් වහන්සේ විසින් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වූ අතර මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, බෙල්ලන්විල ඇසළ පෙරහැර කමිටු සභාපති එච්.ඩී. ප්‍රේමසිරි, උප සභාපති මහින්ද මඩිහහේවා, ලේකම් කේසර ලාල් ගුණසේකර, භාණ්ඩාගාරික රූබන් වික්‍රමආරච්චි, දායක සභාවේ සභාපති ආර්.ඒ. විජේරත්න යන මහත්වරුන් එක්ව සිටියහ.

 

03-9-1024x662 01-12-1140x470

LEAVE A REPLY