මීට සුළු මොහොතකට පෙර පාගොඩ නිවසේදී උදය ගමිමන්පිල අත්අඩංගුවට ගෙන තිබේ.
තව මොහොතකින් කොළඹ දෙමටගොඩ විශේෂ විමර්ශණ ඒකකය වෙත රැගෙන ඒමට නියමිතයි.

UPDATE :
ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් උපයෝගී කරගෙන ඕස්ටේ්‍රලියානු ජාතිකයෙකු වන බ්‍රයන් ෂෙඩික් හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ නමට ලියාපදිංචි වූ සමාගමකට අයත් පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 4.1 ක් ද, සිලෝන් ටී ගාර්ඩ්න්ස් සමාගම සහ මෙට්ල් රීසයික්ලර්ස් කලම්බු සමාගමේ බ්‍රයන් ෂෙඩික් මහතාගේ කොටස් හා සියළු වත්කම් ද කූට හා වංචනික ලෙස විකිණීමේ චෝදනා යටතේ උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගත් බවට වාර්තාවේ.

මේ පිළිබඳව බ්‍රයන් ෂෙඩික්ගේ ඇටෝනි බලකරු වන ලසිත පෙරේරා දිගින් දිගටම තොරතුරු ලබාදෙමින් කියා සිටියේ මේ වන විට පරීක්ෂණවලින් එම වංචාවට භාවිත කළ ව්‍යාජ ඇටෝනි බලපත්‍රය පිළිබ`ද තහවුරු වී ඇති බවයි.