ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන තමන් ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධව අද (30දා) දින ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන සාකච්ඡාවට තමන්ට ආරාධනා කර නොමැති බවත්, බණ්ඩාරවෙල ජනතාව මුහුණපා ඇති ගැටලුව පිළිබඳ කරුණු පැහැදිලිව දන්නා තමන්ට ආරාධනා කර නොමැති සාකච්ඡාවලට නොයන බවත් ඒ මහතා කීය.

ඒ මහතා එලෙස පැවසුවත් අප මෙතැන් සිට ඔහුට මහතා කියන්නේ නැත. මෙම තක්කඩියා උමා ඔය ව්‍යාපෘතිය  ආරම්බයේදී බැසිල් රාජපක්ෂ හමුවීමට තවත් 20 කු සමග යන්නේ උමා ඔය පිලිබදව ගැටලුව සාකච්ජා කිරීමටය.

“තමුසේට මම කෝටි 8ක් දෙන්නම්.මේක ගැන කතා කරන්න එන්න එපා” කියූ සැනින් මෙම තක්කඩියා “හා සර්” කියා එතනින් පිටවුයේ ඌව ජනතාව උමාඔය ට බිල්ලට දෙමිනි.

වසර ගණනක් නිශ්ශබ්දව සිටි මෙම දෙපා තිරිසනා නැවත හඩ අවදි කරන්නේ නොබෝදා පැවති උමා ඔය ව්‍යාපෘතියට විරෝධය දක්වා පැවැත්වූ උද්ගෝෂණයෙදිය.

එහිදී මෙම තක්කඩි දේශපාලුවා පවසන්නේ මෙම ව්‍යාපෘතියට තමන් විරුද්ධ බවත් මෙම ප්‍රශ්නයේදී තමන් ජාතික ආණ්ඩුවෙ නොව ස්වාදීනව ජනතාව සමග සිටින බවත්ය.

ඔහු අද දිනයේදී කියා තිබෙන්නේ අද පැවැත්වෙන සාකච්ඡාවට මට ලිඛිතව එන්න කියලා නැති නිසා මම සහභාගි වෙන්නෙ නෑ.ජනාධිපතිතුමා අපිව තල්ලු කර තිබෙන්නේ ස්වාධීන වෙන විදියටයි.හරින් ඇමතිතුමා කිව්වා පුළුවන්නම් එන්න කියලා.මම දැනුම්දීමකින් තොරව සාකච්ඡාවට සහභාගිවෙන්නෙ නෑ.ඒක ප්‍රජාතන්ත්‍රවාදීත් නෑ,නීත්‍යනුකූලත් නෑ” යනුවෙන් පවසා සිටියේය.

තමන්ගේ ජනතාව නියෝජනය කරන ජනතා නියෝජිතයාට ජනතාවගේ ප්‍රශ්නයක් කතා කිරීමට ලිඛිතව අරාධනා පත්‍ර දෙන්නේ නැත.ඔහු සැබවින්ම ජනතාව වෙනුවෙන් සිටිනම් ඔහුට අරාධනා පත්‍ර අවශ්‍ය නැත.

2008 වසරේ සිට මුදල් වලට ගිජු වී ජනතාව පවා දෙන මෙවැනි දේශපාලුවන් පිලිබදව තීරණය කිරීම ජනතාව සතුම තීරණයකි.

උපුටාගැනීම – දේශය