එක්සත්  ජාතීන්ගේ සංවිධානයේ 71 වන මහා මණ්ඩල සැසියට සහභාගී වීම සදහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (18) පෙරවරුවේ ඇමරිකාවේ නිව්යෝක් නුවර බලා පිටත්ව ගියේය.
 
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් එමිරේට්ස් 651 දරන ගුවන් යානයෙන් අද (18) පෙරවරු 10.45 ට පමණ ජනාධිපතිතුමා නිව්යෝක් නුවර බලා පිටත්විය.
 
ජනාධිපතිතුමා සමග අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, නිමල් සිරිපාල ද සිල්වා, අර්ජුණ රණතුංග, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ මහතා ඇතුඑ පිරිසක් ද නිව්යෝක් බලා පිටත්වූහ.
01-17