ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතුවලින් තමන්  ඉවත්වන බව පොළොන්නරු දිස්ත්‍රීක් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.


ඒ අනුව ඉදිරි දිනවල ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් සංවිධානය කරන ලද රැස්වීම්, වැඩසටහන් සියල්ල අවලංගු කළ බව හෙතෙම කියා සිටියි.


එසේ වුවද, තම දේශපාලන ප්‍රතිපත්තිය කිසිසේත්ම වෙනස් නොවන බව මන්ත්‍රීවරයා විසින් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් නායකයින් විසින් තමාගෙන් විමසීමකින් තොරව බිම් මට්ටමද, හරිහැටි හඳුනා නොගෙන ගන්නා තීන්දු තීරණ හේතුවෙන් දිස්ත්‍රීක්කයට නායකත්වය දෙමින් ජයග්‍රහණය කරා මෙහෙයවීමේ අපහසුතාවක් මේවන විට නිර්මාණය වී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.


පොළොන්නරු දිස්ත්‍රීක්කයේ බල පෙරළියකට මේ දක්වා තමාට සහයෝගය දුන් ජනතාවට, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල සියලුම දේශපාලන අධිකාරියට තමාගේ උත්තමාචාරය පුදකරන බවද මන්ත්‍රීවරයා තම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියි.