මඟ නැඟුම සමාගමේ ඉහළ නිලධාරීන් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් හා මහා මාර්ග අමාත්‍යංශයේ වගකිව යුත්තන් එකමුතුව මේ වන විට දැවැන්ත මං කොල්ලයක නිරතව සිටින බව දැන ගැනිමට තිබේ.

මෙම ආයතනවල මුල්‍ය වංචා , අක්‍රමිකතා හා පාඩු ලැබීම් ගැන කෝප් වාර්තාව නිකුත් වී තවම මාස දෙක තුනකට වඩා නොමැති වූවත් දූෂිත කටයුතු කිසිවක් නිමා වී හෝ එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට වත්මන් යහපාලන ආණ්ඩුවේ නියමුවන් කිසිවකුත් පියවර ගෙන නැත.

කෝප් වාර්තාවට අනුව 2016 මැයි මස 01 දා සිට පසුගිය අගෝස්තු මස 31 දක්වා කාලය තුල මාර්ග සංවර්ධන අධිකාරිය ව්‍යාපෘතීන් 259 ක් මඟ නැඟුම සමාගම මඟින් සිදුකර තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 25,103 කි, එහෙත් මෙම මුදල වලින් වැඩිම ප්‍රමාණයක් වැය කර ඇත්තේ මඟ නැගුම ආයතනයට අදාල නොව වෙනත් ඉදිකිරීම වෙනුවෙනි. එසේ කළ ව්‍යාපෘතීන් ගනන 206 කි..මෙම ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ දේශපාලන අධිකාරියේ වුවමනා එපාකම් වෙනුවෙන් මෙවා සිදු කර ඇති බවය.

මේ අතර පසුගිය 2015 වසරේදී වාර්තා වූයේ විෂය භාර ඇමැතිව ලක්ෂමන් කිරිඇල්ල ගේ දේශපාලන ආධාර කරුවන් විශාල පිරිසකට මෙම ආයතනයේ මුදලින් නිකරුණේ වැ‍ටුප් හා දීමනා ගෙවන බවය..ඒ අතර උපදේශකයන් ලෙස 64 දෙනෙකු ඇමැතිවරයාගේ සම්බන්ධීකරන නිලධාරීන් ලෙස 83 දෙනෙකු හා අනෙකුත් අංශයන් හී නිලධාරී තනතුරු සඳහා තවත් සියයකට ආසන්න පිරිසකට වැ‍ටුප් ගෙවන බවය..

එසේම මේ මොහොත වන තුරුත් මෙලෙස සේවකයන් විශාල වශයෙන් බඳවා ගනිමින් තිබේ. නමුත් මඟ නැගුමේ මේ වන විට සිටින සේවකයන්ට හෝ යෙදීමට ව්‍යාපෘතීන් නැත. මඟ නැගුම ආයතනයට ලැබෙන සියලූඋම රාජ්‍ය ව්‍යාපෘතීන් පෞද්ගලික අංශයේ කොන්ත්‍රාත් කරුවන් වෙත ලබා දීම සිදු කරමින් සිටින නිසා මෙහි සෙවකයන් පමනක් නොව ඉදිකිරීම යන්ත්‍ර සූත්‍ර එම වාහන ද නිකම් මළකඩ කමින් තිබේ.

ඒ කෙසේ නමුත් ඉහළ නිලධාරීන් හා දේශපාල අධිකාරිය තම තමන්ගේ පෞද්ගලික වුවමනා එපා කම් සියල්ල මෙම ආයතනය හරහා සිදු කර ගනිමින් තිබේ..

පසුගිය මසයේදී මෙම ආයතනයෙහි වාහන අවභාවිතාව ගැන එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් විගනකාධිපති දෙපාර්තමේන්තුව කළ විමසුමකදී මෙම ආයතනයේ කැබ් රථ ගනනාවක් පිටස්තර පුද්ගලයන් වෙත ලබා දී ඇති බවට තොරතුරු හෙලි විය. එපමණක් නොව එම වාහන ලබා දීම සම්බන්ධයෙන් කිසිදු නිත්‍යානු කූල පියවර හෝ ඒ සම්බන්ධ කිසිදු සටහනක් හො ආයතනය තුල නොමැති බව හෙළි වී ඇත.ඒ ඇතැම් වාහනයක් වෙනත් බාහිර පාර්ශ්වයන්ගෙන් මාසික කුලී පදනම මත ලබා ගෙන ඇති අතර රු. 125,000 ක මාසිකව ඒ වෙනුවෙන් ගෙවීම්ද කර තිබේ..

ආයතනය තමන්ට ලැබෙන රජයේ කොන්ත්‍රාත් හිතවත් පෞද්ගලික ව්‍යාපාරික සමාගම් වෙත රජයේ ටෙන්ඩර් පටිපාටිය අනුව තබා අවම වශයෙන් මිල ගනන් විමසීමකින් හෝ තොරව ලබා දී ඇති බව කොප් කමිටුව හමුවේ හෙළිවිය. මෙම දූෂිත ක්‍රියාවලිය තුල මේ වන විට මඟ නැගුම දැවැන්ත ලෙස පාඩු ලබමින් තිබේ. ව්‍යාපෘති වල සැබෑ ඇස්තමේන්තුවට වඩා අධිකව ගෙවීම් නිසා ඇතැම් කොන්ත්‍රාත්කරුවකුට ගෙවීමට තිබෙන මුදල් පවා මේ වන විට ගෙවා ගැනීමට නොහැකිව තිබේ. මීට මාස දෙකකට පෙර වාර්තා වූ ලෙස මඟනැඟුමේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 350 කට ආසන්න මුදලක් බැංකු අයිරාවක් ක‍ටුබැද්ද මහජන බැංකුවෙන් ලබා ගෙන ඇත. දැනට වසරකට වැඩි කාලයක් මුලුල්ලෙ සේවක පඩි නඩි ගෙවීමද අර්බුධයක ගොස් තිබිණි. සේවක වරප්‍රසාද දීමනා කප්පාදුව ද මේවන විට සිදු

මහා මාර්ග සංවර්ධනයට යැයි කියමින් මීට 13 වසරකට පෙර මෙම ආයතනය බිහිකරනු ලැබුවේ එවකට මහා මාර්ග ඇමැතිව සිටි මහින්ද රාජපක්ෂ විසිනි. මෙම ආයතය හා මීට සමගාමීව ඇති කරනු ලැබූ සමාගම් තුනම මෙරට මහා මාර්ග ඉදිකිරීමේ ප්‍රමුඛම ආයතනය වූ අතර රුපියල් බිලියන ගනනින් ආදායම් ඉපැයූ රාජ්‍ය සමාගමක් විය. එහෙත් වැඩි කල් යන්නට පෙර මෙම සමාගම් ත්‍රිත්වයේ මුදල් රාජපක්ෂ පවුලේ ‘ එදිනේදා වියදම් පියවා ගැනීමට තිබෙන පොකැට් මනී බවට පත් විය. රාජපක්ෂලාගේ ගෙවල් දොරවල් පවා ඉදිකිරීමට මෙම ආයතනයේ දේපල හා මුදල් යොදා ගනු ලැබීය..( කූප්‍රකට ‘දෙනියාය මාළිගය එක් උදාහරණයකි)

එසේම මෙම ආයතනය පිහි‍ටු වීමේදී අනුගමනය කර තිබෙන වගකීම් විරහිත ආකාරය නිසා මේ වන විට මෙම සමාගම් හී අයිතිය සම්බන්ධයෙන්ද බරපතල ගැටලුවක් ඇතිව තිබේ. මේ සම්බන්ධයෙන් අප ඉදිරියේදී හෙලිදරව් කරන්නෙමු