කටුනායක ගුවන් හමුදා කඳවුරේ සෙබළෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

රාජකාරියේ යෙදී සිටියදී තම ගිනි අවියෙන් ඔහු වෙඩි තබාගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

බරපතළ තත්ත්වයේ පසු වූ සෙබලා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ මාගල, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි අයෙක් බව සඳහන්ය.

පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත අතර සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

LEAVE A REPLY