ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් වන කිත්රුවන් විතානගේට හා රමිත රඹුක්වැල්ලට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ ඔවුන් දෙදෙනා බත්තරමුල්ලේ පවතින ප්‍රසිද්ධ හෝටලයකදී ඇතිකරගත් ගැටුමක් මෙම විනය පරීක්ෂණයට හේතුවයි.

විනය පරීක්ෂණය හේතුවෙන් මෙම ක්‍රීඩකයන් දෙදෙනාටම ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ එළැඹෙන එංගලන්ත සංචාරයද අහිමිවෙනු ඇති.

කිත්රුවන් විතානගේ පිටියෙන් පිටත ගැටුම් ඇතිකරගැනිම පිළිබඳව ප්‍රසිද්ධියට පත්ව ඇති අතර රමිත රඹුක්වැල්ල යනු හිටපු අමාත්‍ය එසේම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුතාද වෙයි.

මේ අතර රමිත රඹුක්වැල්ලඅඩි 35,000ක් ඉහළ අහසේදී මුත්‍රා කිරීම සඳහා ගුවන් යානයේ දොර හැරීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොදෙව් තරග සංචාරයේ ආදායමින් 50%ක දඩයක් නියම කෙරිණ.

රමිත් රඹුක්වැල්ල නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා බීමතින් ගුවන් යානයේ දොර අරින්නට තැනූ බවත් මගීන් බියට පත්වූ බවත් පළමුවෙන් විදෙස් මාධ්‍ය විසින් ද වාර්තා කරන ලදි.

එම අවස්ථාවේ රමිත රඹුක්වැල්ල බීමතින් සිටි බව බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ නිලධාරියකු මාධ්‍ය වෙත පවසා තිබූ නමුත් එය ප්‍රතික්ෂේප කරමින් රමිත රඹුක්වැල්ල පැවසුවේ, තමා හීනෙන් ඇවිදින බවයි.