මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලගේ යටතේ පවතින මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකෙරෙන මහනුවර පිටත වටරවුම් මාර්ගය හා මාතර කතරගම අධිවේග මාර්ගයන්හී රක්ෂණ ආවරණ හොර පාරේ ලබා දෙමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ දියණිය මෙන්ම පෞද්ගලික ලේකම්වරිය දවන චාමී කිරිඇල්ල මගින් රුපියල් මිලියන 300ක් උපයා ඇතිබව වාර්තාවේ.

කිරිඇල්ලගේ රක්ෂණ උපදේශකවරයා වන චමින්ද ඩී සිල්වා ගේ මාර්ගෝපදේශනය ඇතිව මෙම ඉල්ලම පාදාගෙන ඇති බව අපගේ ආරංචි මාර්ග සදහන් කරයි.

චමින්ද ඩී සිල්වා හැරී ජයවර්ධනට අයත් කොන්ටිනන්ටල් රක්ෂණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන අතර, ඔහුගේ මැදිහත්වීම මත ඔහුගේ හිතවතියක විසින් පවත්වාගෙන යන රක්ෂණ තැරැව්කාර සමාගමක් වන PRO SITE INSURANCE BROKER Company හරහා සෙලින්කෝ රක්ෂණ සමාගම වෙත අදාල ඉදිකිරීම් රක්ෂණය ලබාදී ඇත.

මහින්ද රාජපක්ෂ රජය යටතේද මාර්ග සංවර්ධන අධිකාරියේ රක්ෂණ ආවරණ කොමිස් මුදල් පිළිබදව එවක අමාත්‍ය නිර්මල කොතලාවල විසින් විමසන ලදුව ඊට විසදුමක් ලබා දී තිබුණි.

ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ උපදෙස් මත මාර්ග සංවර්ධන අධිකාරියේ සුභ සාධක අංශයට රක්ෂණ තැරැව්කරුවෙකුට ලැබෙන හිමිකම් අංකය ලබාදී, අදාළ කොමිස් මුදල් එම සුබසාධක අංශයට බැර කිරීමට උපදෙස් ලබාදී තිබුණි.

චාමී කිරිඇල්ල නමැති ලක්ෂ්මන් කිරිඇල්ල ඇමති දියණිය කිරිඇල්ල ඇමතිවරයාගේ ම පෞද්ගලික ලේකම්වරිය ලෙසද කටයුතු කරයි. කිරිඇල්ල ඇමතිවරයා තමන් යටතේ 56 ඉක්මවන උපදේශක මඩුල්ලකට රජයේ සම්පත් වැය කරන බවට ද මීට පෙර චෝදනාවක් එල්ල වී තිබුණි. දක්ෂිණ මාර්ග සංවර්ධනයට අදාළව උපදේශකයන් 45 ක් ම සිටින බවට ද වාර්තා පල වී තිබුණි. තවද ඇයට ම අයත් කැන්ඩි කන්ස්ට්‍රක්ෂන් සමාගමට මීට පෙර ඉදිකිරීම් රැසක් ලබා දී තිබූ බවට චෝදනා එල්ල වීය. එම තත්ත්වය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතන උදාසීන කරවන්නක් බවට ද කතා පැතිරුණි.

“….එමෙන්ම, අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල පසුගියදා මාර්ග සංවර්ධන අධිකාරියට උපදේශකවරුන් 56 දෙනෙකු බදවාගෙන ඇති අතර ඔහුන්ට මාසික වැටුප ලෙස රුපියල් 25000/= සහ ඉන්ධන දිමනාව 40000/= ලබා දිමට කටයුතු කර ඇති ඔහුන් අතර O/L අසමත් අයද සිටින බවත් මේ අතර තවත් මහජන සම්බන්ධිකරණ නිළධාරි 96 මහනුවරින් පමණක් බදවා ගෙන තිබෙන බවටත්…“ වාර්තා වුණා.

මේ අතර ඊයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදීද කිරිඇල්ල අමාත්‍යගේ ඇතැම් ආන්දෝලානාත්මක තීන්දු තීරණ පිළිබඳව ජනාධිපතිතුමා විමසීමකට ලක් කරනු ලැබුවා.

මධ්‍යම අධිවේගයේ වැඩ ප්‍රමාදය ගැන ජනපතිගෙන් චෝදනා…


මේ එවන් තවත් වාර්තාවකි

 

ඇමති කිරිඇල්ලගේ රක්ෂණ උපදේශක ගැන පළ වූ වාර්තාවක ඡායාරූපයක්