සිදුවන්නට ගිය විශාල අනතුරක් මඟහරවා ගන්නට ගුවන් නියමුවා ඇතුළු පිරිස සමත් වී ඇති බවට වන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීම සිදුව ඇත්තේ ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ ගුවන් තොටුපොළේදී වන අතර එහි යානා හතරක් ගුවන්ගත වීමට සූදානමින් තිබියදී එයාර් කැනඩා ගුවන් සමාගමට අයත් යානයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ගොඩබැස්වීමට පැමිණ තිබෙනවා. මේ පිළිබඳව වහාම ගුවන් යානයේ නියමුවා දැනුවත් කිරීමට ගුවන් ගමන් පාලක නිළධාරීන් කටයුතු කර ඇති අතර ඔහුට උපදෙස් දී ඇත්තේ යානය ගුවන් පථයට ගොඩ බැස්ස වීම සිදු නොකරන ලෙසයි.

ඒ අනුව ඔහු වහාම යානය වෙනත් දිශාවකට යොමුකර ඇති අතර එයාර් බස් 320 වර්ගයේ එම යානය පසුව නිරුපද්‍රිතව ගොඩබස්සවා තිබෙනවා. මෙම සිදුවීමේදී අදාල යානය ගුවන් පථයට ගොඩබැස්සුවේ නම් එහි තිබූ අනෙක් යානා 4 සමඟ ගැටී විශාල අනතුරක් සිදුවන්නට තිබූ අතර එසේ වූයේ නම් ලොව සිදුවූ දරුණුතම ගුවන්යානා අනතුර මෙය බවට පත්වන්නට ඉඩ තිබුණු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ.

එම අවස්ථාවේ ගුවන් යානයේ නියමුවන් අතර සිදුවූ සංවාදයයි මේ