ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන කාන්තා ඇමෙරිකානු පුරවැසියන්ට කොළඹ නගරය තුලදී ත්‍රීරෝද රථ වලින් ගමන් කි‍රීමෙන් වලකින්නැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය අනතුරු අගවා තිබෙනවා.

ඒ වර්තමාන තත්ව සලකා බැලීමෙන් අනතුරුවයි.

ත්‍රීරෝද රථ රියදුරන් එරට කාන්තා සංචාරකයන්ගේ ශරීරය ස්පර්ශ කල සිදුවීම් වාර්තා වූ නිසා මෙම පියවර ගෙන ඇති බව ඔහුන්ගේ නිළ වෙබ් අඩවියේ සදහන්ව තිබෙනවා.

ඔහුන් වැඩිදුරටත් සදහන් කරන්නේ ත්‍රීරෝද රථ වල ගමන් නොකොට සංචාරක ප්‍රවාහන ආයතනයකින් ලබා ගත් වාහනයක් සිය ප්‍රවාහන කටයුතු සදහා භාවිතා කරන ලෙසයි.

කෙසේ වෙතත් ඇමෙරිකානූ තානාපති කාර්යාලය මෙලෙස සිය ශ්‍රී ලංකාවේ සංචාරය කරනා පුරවැසියන්ට අනතුරු ඇගවීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට අයහපත් ලෙස බලපෑ හැකි බවට සංචාරක කර්මාන්තයේ යෙදෙන පිරිස් පවසනවා.

ඇමෙරිකානූ තානාපති කාර්‍යාලයේ නිළ වෙබ් අඩවිය අනතුරු අගවා තිබු අයුරු පහතින් .