ඊයේ දිනයේ කුරුණෑගලදී පැවතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැළියක් නොව මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරයයි. ශ්‍රී.ල.නි.ප.ය යනු ඔබේ පක්ෂයක් නොවුනත් ඔබ කත් අදින්නේ රටේ බහුතරයක් දෙනා ප්‍රතික්ෂේප කල හිටපු ජනාධිපතිවරයාගේ සෙවනැල්ලෙන් පටු වාසි ලබා ගැනීමට බලාපොරොත්තු වෙන පක්ෂ සම්මේලනයක් තියා සාමාජිකයන් දසදෙනෙක්ව එක් තනකට ගෙන ඒම නොහකිව ලත වෙන ත්‍රීවිල් පක්ෂ කිහිපයක් හා එකතු වූ හිටපු ජනාධිපතිවරයාව පරාජය කිරිමට මූලික වූවෙක් වෙන බැසිල් රාජපක්ෂට බව නොරහසකි.

කොල පැහැ අත් පළඳනාවක් පැළඳූ පමණින් එ.ජා.ප පාක්ෂිකයෙක් බව වටහා ගැනීමට තරම් කෘත හස්ත බුද්ධියකින් හෙබි ඔබ එම පළඳනාව පැළදි එම පුද්ගලයාගේ කහ පැහැ පළඳනාව නොදුටුවා විය නොහැක. එසේනම් උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමයේ සාමාජිකයෙක් වීමාත් හකියාව අත.
එවිට ඔහු අයත් වන්නේ ඒකාබද්ධ විපක්ෂටදැයි අපි අසමු.
අපිට ඔබ ගැන දුකක් නැත. දුක ඇත්තෙ ඔබගෙන් අකුරු කරනා සිසුන් පිලිබඳවය.
මෙවැනි පටු ආකල්පයන් දරණ ඔබ වැරදි මත සමාජයට ගෙනයමින් බලාපොරොත්තු වන්නේ රාජපක්ෂවරුන්ගේ ආකර්ෂණය දිනාගැනීම බව දනිමු.
ඔබ පලකල අනිත් ඡායාරූපයේ අත් පළඳනා පැලදි පුද්ගලයන් සිටින්නේ දෙදෙනෙකු පමණි.විවිධ වර්ණයන්ගේ අත් පළඳනා පැළඳීම වත්මන් තාරුණ්‍යයේ විලාසිතාවක් බව ඔබ නොදන්නවා ඇත.ඊයේ දිනයේ සැමරුවේ ශ්‍රී.ල.නි.ප.යේ අවමගුල නොවන බවද තවද ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.
සැබෑ නිදහස් පාක්ෂිකයන් සැමදා පක්ෂය සමගිනි.
මහින්දව පෙන්නා ආණ්ඩුව සමග ඩීල් දමනා බසිල් රාජපක්ෂ සහ සහචරයන්ට නැවත නැගිටීමක් නොමැත.
ඊයේ දිනයේ සැමරුවේ ඒකාබද්ධ විපක්ෂයේ අවමගුලයි.
අපි ඔබට අනුකම්පා කරන්නෙමු..!

 

14191832_1066746430080239_885721089_o