ති‍්‍රකුණාමලය ප්‍රදේශයේ රජයේ බැංකුවක රන් භාණ්ඩ වෙන්දේසියකට පැමිණ සිටි ව්‍යාපාරිකයෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

බණ්ඩාරගම, අටුළුගම සිට තවත් සිව් දෙනෙකු සමග රන් භාණ්ඩ වෙන්දේසියට ගිය මොහොමඩ් නස්රීන් (35) ව්‍යාපාරිකයා ආගිය අතක් නැතැයි ඔහුගේ පියා පොලීසියට පැමිණිලි කර ඇති බව වාර්තා වෙයි.

ඉරිදා දින කන්තලේ හෝටලයක නතර වී වෙන්දේසියට ගිය ඔහු ළඟ රුපියල් කෝටියක පමණ මුදල් තිබෙන්නට ඇතැයිද පොලිස් පැමිණිල්ලේ දැක්වෙයි.

අප වාර්තාකරු පැවසුවේ අදාළ ව්‍යාපාරිකයා මෙම වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ රන් භාණ්ඩ සඳහා ඉතා ඉහළ ලංසු ඉදිරිපත් කර ඇති බවයි.