මේ වනවිට ගංවතුර බැසගොස් හමාරය නායයාමෙන් සිදුවූ විපත් වලට මාධ්‍ය අවධානය අවසන්ය සැවොම පොසොන් උත්සවය වෙනුවෙන් අවධානය යොමුකොට අවසන්ය. ගංවතුර බැසගිය පමණින් එයින් විපතට පත් අයට අපට මෙන් පොසොන් සිසිල විදිමින් බන අසන්නට කාලයක් නැත හේතුව ගංවතුර බැසගියේ ඔවුන්ගේ හැඳි වත පමණක් ඉතිරි කරමිනි තම ඥාතින් සහෝදරයන් දෙමාපියන් දරුවන් මෙන්ම වසර ගණනාවක් දාඩිය හෙලමින් දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් සියලු දේ ගේ දොර සමගම ගංවතුරට ගසාගෙන ගොස් හමාරය.

කිහිප දෙනෙකුට හැර බහුතර දෙනාට ගංවතුර ට්‍රෙන්ඩ් එක දැන් අහවරය. අපි සිංහල ජාතිය හැටියට සති දෙකෙන් සියල්ල අමතක කර දමන ජාතියක් බව නැවතත් ඔප්පු කොට හමාරය. ගංවතුරේ බැස මාධ්‍ය මෙහෙයුම් කල බොහෝ දෙනා දැන් ඒ පැත්ත පලාතක් බලන්නේ නැත.

නමුත් ගංවතුර හා නායයමේදී මිනිසුන් බේරා ගැනීමට බොහෝ මෙහෙයක් සිදුකල කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකුද වන පාලිත තෙවරප්පෙරුම මහතා නම් තම සහෝදර ජනතාව අමතක කර නොමැති බවට හොඳම උදාහරණයක් අපට දන ගන්නට ලැබුනා. එනම් පොසොන් පොහොය දිනයේදී අවතැන්වූ අසරණ ජනතාවට උදව් උපකාර කිරීමට එක්වීමත් සමගයි.

එතුමාගේ මුලිකත්වයෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය ආහාර ලබා දීමට දන්සලක් පවත්වා එයින් නොනැවතී ඔවුන්ට අවශ්‍ය සහල් කිරිපිටි ආදී වියලි ආහාරද ලබාදෙමින් ඔවුන්ගේ ජිවිත යතා තත්වයට පත් කිරීමට ඔහු තවමත් කැපවෙමින් වැඩ කරන අයුරු පහත චායාරුප වලින් ඔබම බලන්න ඇත්තටම ඇසට කඳුලක් නැගේවි…

අපේ රටේ දේශපාලකයන් මෙසේ ජනතාව වෙනුවෙන් සැබවින්ම කැපවන මනුෂ්‍යත්වයෙන් පිරි පුද්ගලයන් වුයේ නම් අපේ රට අද කොතනකද කියා ඔබම තීරණය කරන්න….