පසුගිය ජනාධිපතිවරන වේදීකාවේ ඉමහත් කථා බහට ලක් වූ එක් කරුණක් වූයේ රාජපක්ෂ පුත්‍රයින්ගේ සුපිරි මෝටර් රථ සම්බන්ධවයි. එමෙන්ම පසු කාලීනව එම වාහාන සොයා ගැනීම හා සම්බන්ධව ඇති වූ යම් යම් සිදුවීම් කරුණු කොටගෙන යහපාලන ආණ්ඩුවට බොහෝ පිරිසකගෙන් චෝදනාද එල්ල විය. අපි මේ හෙළිකිරීමට යන්නේ රාජපක්ෂ පාලන සමයෙහි සමාජ ජාලා ආශ‍්‍රිතව විශාල කථා බහක් ඇති වූ නාරහේන්පිටදී අනතුරකට ලක්ව පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ රැගෙන ගිය හා ඒ සම්බන්ධව පුවත් පළ කිරීමට මාධ්‍යවලට දැඩි තහංචියක් පැනවූ රථය සම්බන්ධව ය.

2014 මැයි 1 දින නාරාහේන්පිට බේස්ලයින් පාරේ අංක තහඩු නොමැතිව අධික වේගයෙන් පැමිණි ෆෝර්ඩ් මස්ටැන්ක් වර්ගයේ කාර් රථයක් ත‍්‍රිරෝද රථයක ගැටී එහි සිටි තරුණයෙක් තුවාල වූ සිදුදියක් සම්බන්ධයෙන් එදා සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ආකාරෙය පින්තූර හුවමාරූ විය. එය එදා ජනමාධ්‍ය තුළ වාරණයට ලක් වූ ප‍්‍රවෘත්තියක්ද විය. මෙම අනතුර සිදුවූ වහාම එම ස්ථානයට පැමිණ ඉතාමත් ඉක්මනින් ක‍්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකායෙ බට පිරිස් කාර් රථය එතනින් ඉවත් කොට රැගෙන යාමට ක‍්‍රියා කළහ.

අනතුරට පත්වූ ත‍්‍රී රෝද රථයේ තරුණයාව රෝහල් ගත කිරීමට ප‍්‍රථම වාහනය රැගෙන ගොස් තිබිණ. පසුව හෙළි වූයේ කිසිදු පොලිස් ස්ථානයකට රැගෙන නොගොස් එම රථය ගෙන ගොස් ඇත්තේ කඩුවෙල වාහන අලුත් වැඩියා කරන ස්ථානයට බව ය. මෙසේ සිද්දි දාමය වනවිට මෙම කාර් රථය කාගේද යන්න බොහො දෙනා අවදානය යොමුකර අංක තහඩු නොමැති මෙම වාහනය පොලිස් බාරයට නොගැනීම කාගේ උවමනාවට සිදුවුවාදැයි සෙවීමට එදා මාධ්‍ය පවා බිය විය.

එමෙන්ම අවස්ථා ගණනාවකදීම මෙම කාර් රථය ගාලු මෝදර පාර වසා රාජපක්ෂ දරුවන් රාත‍්‍රිකාලයේ පදවන අයුරු බොහෝ දැක තිබූ බවත් එමෙමෙන්ම CSN නාලිකාව සංවිධානය කරන නයිට් රේස් සදහා මෙම මෝටර් රථය සමග රාජපක්ෂ දරුවන් පැමිණි අවස්ථා බොහො අය දැක තිබේ. නව රජය බලයට පත්වීමේන් අනතුරුව මෙම සිදුවීම යළිත් වරක් මතු වූයේ බෝකුන්දර ප‍්‍රදේශයේ අංක තහඩු වෙනස්කරන ලද නිසාන් GTR කාර් රථයක් සොයාගැනීමත් සමග ය.

එම කාර් රථයද රාජපක්ෂ දරුවන් මෝටර් රථ තරග සදහා යොදාගත් වාහනයක් ලෙස හදුනා ගන තිබිණ. අපට හෙළි වී ඇති කරුණු අනුව ඉතා සුක්ෂම ලෙස කඩුවෙල පිහිටි වාහන අංගනයක සගවා තිබියදී අද (05) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2014 මැයි 01 දින අනතුරට පත් වූ අදික වටිනාකමකින් යුත් මෙම කාර් රථය ය. රාජපක්ෂවරුන් තමන්ට හිමි වාහන ලියාපදිංචි නොකර නීතියෙන් බේරීමට තමන්ට ඇති දේශපාලන බලයද පාවිච්චි කර ඉතා සූක්ෂම ලෙස විවිධ පුද්ගලයන් බාරේ තබා ඇත.

 

FCID ඉදිරිපිට

14274382_979155178878940_550675838_o 14218188_979155255545599_1355449232_n 14247927_979155258878932_329924669_o 14248857_979155305545594_408488590_n