මේ වන තෙක් අත්අඩංගුවට නොගත් ප‍්‍රබල රාජපක්‍ෂවරයෙකු ඉදිරි දින කිහිපයේදී අත්අඩංගුවට ගන්නා බව සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබු අකාරය ඔබගේ මතකයට නැගෙනු ඇත.

ආරක්‍ෂක අංශ ආරංචි මාර්ග උපුටමින් එම පුවත වාර්තා කර ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ ඔහුට එරෙහිව කරන ලද පරීක්ෂණ මේ වන විට හමාර වෙමින් පවතින බවයි.

පසුගිය රජය සමයේ බලය අයුතු ලෙස යොදා ගැනීම හා රාජ්‍ය දේපල අවභාවිතය ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා බවත් මේ දිනවල විදෙස්ගතව සිටින එම ප‍්‍රබලයා එන සතියේ නැවත මෙරටට පැමිණීමට නියමිත බවත් එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා මේ දිනවල විදේශගතව සිටී. හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඒ ආකාරයේ පරීෂක්‍ෂණයක් මේ මොහොතේ ක‍්‍රියාත්මකව නැති අතර ඔහුට ජනාධිපති මුක්තියද හිමිය.

ඒ අනුව අත්අඩංගුවට ගන්නා බව කියන රාජපක්‍ෂ ප‍්‍රබලයා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විය යුතුයි.

එලෙස ගෝටාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට නිතිපතිවරයාගේද අනුමැතිය ලැබී තිබු අතර පසුව FCID නිලධාරින් විසින් ගෝටාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සදහා ඉකුත් සතියේ ඔහුව FCID වෙත කැදවාගෙන විත් තිබුණි. සවස් කාලයේ මෙම සිදුවීම සිදුවූ අතර FCID ය තුල ගෝටාභය රාජපක්ෂව පැය ගණනක් රදවා තබා ගැනීමට සිදුවුයේය.

ඒ අත්අඩංගුවට ගැනීම සදහා පොලිස්පතිවරයාගේ අත්සන ලැබෙන තුරුය. රාත්‍රිය වන තුරුම පොලිස්පතිවරයාගේ අත්සන ලබා ගැනීමට උත්සහ කලත් එය ව්‍යාර්ථ වූ අතර පසුව ගෝටාභය රාජපක්ෂ එම ස්ථානයෙන් පිටතට යෑමට FCID ය අවසර ලබා දුන්නේය.

 

උපුටාගැනිම අමා