ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකළ ප්‍රකාශයට ගෝඨා චීනයේ සිටම බීබීසීය හරහා ස්තූතිය පල කිරීමත් එසේම ලංකාවේ සිටින කිහිප දෙනෙකුම අමතා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අගය කිරීමත් නිසා මේ වන විට රාජපක්ෂ පවුල තුළ ගෝඨාට කැපිල්ලක් ඇති වී ඇති බව ඒකාබද්ධයේ යාවජීව සාමාජිකයකු අප  වෙත අද උදෑසන පෑවසීය.

අපට විස්වාසනීය තොරතුරු ලබාදුන් පුද්ගලයා සඳහන් කර සිටියේ ඊයේ රාත්‍රීයේ නාමල් රාජපක්ෂ විසින් ගෝඨාට ඉතාමත් දරුණු ලෙස බැන වැදී ඇති බවය . එහිදී නාමල් මන්ත්‍රීවරයා එහිසීටි පිරිසට පවසා ඇත්තේ “එයා වැරදි වැඩක් නේ කලේ.එයා මොකටද එහෙ ඉඳන් මෙහෙට වොයිස් කට් දෙන්න ගියේ. ඕකෙන් වෙන්නේ ඊළඟ පාරත් මෛත්‍රී ලොක්කා වෙන එක. මට නම් කිසිම විස්වාසයක් නෑ එයා ගැන.

කොහොම උණත් අපි අරයා(බැසිල්) එක්කම ඉන්න ඕනේ. මොකද එයාට විතරයි මේක කරන්න පුළුවන්”යැයි නාමල් කියා ඇත .එහෙත් මොකක්ද කරන්න යන දේ පවසා නැත. කෙසේ වෙතත් නාමල් සහ බැසිල්ගේ ඇයි හොඳැයිය කාටත් සැකයකට තුඩු දෙන සිද්ධියක් වි ඇත. එයට හේතුවී ඇත්තේ දෙදෙනා කාලයක් නයයි මුගටියයි වී සිටි නිසාය.කෙසේ වෙතත් මෙම මතයේම බැසිල්ද සිටින බවත් සඳහන් වේ.බැසිල් ද පවසා ඇත්තේ ගෝඨා වැඩේ කෑ බව කියාය. කෙසේ වෙතත් ගෝඨා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ස්ථාවරය එදා සේම අද ද ඒ ආකාරයෙන්ම පවතින බව සඳහන් වේ.

එයට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසු මහින්ද පැවසූ දෙයක් එයට හොඳම උදාහරණයක් ලෙස අපට තොරතුරු දුන් පුද්ගලයා පැවසූ නිසාය. මහින්ද පවසා ඇත්තේ “මට හිතා ගන්න බෑ ජනාධිපතිගේ කතාව ගැන.කොහොම උණත් ගෝඨා ගැන එයාම කිව්ව දේ වටිනවා.ගෝඨා කියන්නේ අනිත් අය වගේ නෙමෙයි.ගෝඨා එයාගේ පාඩුවේ ඉන්න කෙනෙක්.මම ඒකයි කියන්නේ ගෝඨා වගේ කෙනෙක්ට දේශපාලනය හරියන්නේ නෑ කියලා.මට හිරගෙවල් දහයක උණත් යන්න පුළුවන්. ඒත් මට ගෝඨව යවන්න ඉඩ දෙන්න බෑ” යනුවෙන් පවසා ඇත.

කෙසේ වෙතත් මේ වන විට තත්වය අළුයට සැඟව ගොස් ඇති අතර ගෝඨා පැමිණි පසුව මොකකින් මොකක් වේදැයි සැමදෙනාටම ප්‍රශ්නයක් වී ඇත.