ගේඨාබය රාජපක්ෂ මහතාගේද නාමල් රාජපක්ෂ  මහතාගේද  දේශපාලන අනාගතය නිසැකවම අනතුරේ, හිටපු ජනාදිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී  මහින්ද රාජපක්ෂ මහතාගේ  එකම අනාගත දේශපාපාලන බලාපොරොත්තුව නාමල් රාජපක්ෂ මහතාව රටේ නායකයා වනු දැකිමයි.

ඒ සඳහා වන වැඩපිලිවල වුයේ පලමුව ගේඨාබය රාජපක්ෂ මහතා ව ජනාධිපති කොට ඒ හරහා නාමල් රාජපක්ෂ මහතා ව කරලියට ගෙන ඒමයි.

ඇවන්ගාර්ඩ්‍ නඩුව මගින් ගේඨාබය රාජපක්ෂ චුදිතයකු කිරිම හරහා මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව සුනුවිසුනු වි ගොස් තිබේ.

ඉදිරියේ දි මිග් යානා මිලදි ගැනිමට අදාල දුෂනය මත ගේඨාබය රාජපක්ෂ මහතාට එරෙහිව තවත් නඩුවක් වැටිමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමේදී  අප වෙත  අදහස් දැක්වූ  නිති විශාරදයන් පවසන්නේ මේ නඩු දෙකම open and Shut case බවය. එනම්‍ නිසැකවම ගේඨාබය රාජපක්ෂ මහතා හිරදඞුවම්‍ විඳිමට සිදුවන බවයි.

තත්වය එසේනම්‍ ගේඨාබය රාජපක්ෂ මහතාගේ දේශපාලනය හමාරය. අව්‍රරැදු 3 කට වැඩි සිරදඬුවමක් නම්‍ ගේඨාබය රාජපක්ෂ මහතාගේ සිවිල් අයිතියද අවුරුදු 07 කට නැතිවේ.  ගේඨාබය රාජපක්ෂ මහතාගේ ජනාධිපති සිහිනය බොඳවන්නේ එලෙසටය.

දැන්‍ නාමල් රාජපක්ෂ මහතාට ගේඨාබය රාජපක්ෂ මහතාගේ රැකවරනයද නැත. එසේ නැති වුවද නාමල් රාජපක්ෂ මහතාට වැටෙන නඩු දෙස බලන කල නාමල් රාජපක්ෂ මහතාට ගත කරන්නට වන්නේම සිරමැදිරියක් තුලමය.
රාජ්‍ය නායකයකු ලෙසත් පියකු ලෙසත් රටත්‍ තම දරැවන් ව පාලනය නොකිරිමේ දඬුවම ගෙවන්නට සිදුව ඇත්තේ රාජපක්ෂලාටමය.

LEAVE A REPLY