ජනාධිපති තාත්තා ලියූවේ මම.. පොරොන්දු වෙච්ච ලක්ශ විසි පහ දුන්නෙ නෑ. – සුනිල් මාධව ප්‍රේමතිලක කියයි යනුවෙන් වෙබ් අඩවි කිහිපයක්ම අද දිනයේ පුවත් පල කර තිබුනා.මෙයට හේතුව වුයේ චතුරිකා සිරිසේන විසින් ඊයේ දිනයේ එළිදක්වන ලද ජනපති තාත්තා නම් කෘතිය හේතුවෙනි.

මෙම පුවත් වලින් කියවුනේ චතුරිකා සිරිසේන විසින් ප්‍රවීන ලේඛක සුනිල් මාධව ප්‍රේමතිලකයන් ලවා මෙම කෘතිය රචනා කර ඇති බවත් ඒ වෙනුවෙන් චතුරිකා සිරිසේන සුනිල් මාධවයන්ට ලක්ෂ 25ක මුදලක් ගෙවීමට ඇති බවත්ය.

නමුත් මෙම පුවත සුනිල් මාධවයන් තරයේ ප්‍රේතික්ෂේප කර තිබෙනවා.

ඒ පිලිබදව හෙන්රි කලන්සුරිය මහතා තම ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් යොදා තිබෙනවා.

“මා මොහොතකට පෙර සුනිල් මාධවටත්, බිරිඳ මනෝරාටත් කතා කළා. මේක පට්ටපල් බොරුවක්. පොත ලියනවා තබා එහෙම යෝජනාවක් හෝ කළේ නැති බව මාධව මෙන්ම මනෝරාත් සපථ කළා.
මෛත්‍රිපාල හා චතුරිකා සමඟ ගනුදෙනුව වෙනම බේරා ගන්නා ලෙසත්, ඊට අපේ ආදරයට බඳුන් වන දැනට තමන්ගේ පොතක්වත් ලියන්නට නොහැකිව රෝගීව සිටින ජ්‍යෙෂ්ඨ ලේඛකයෙකුට මඩ ගසා ඔහුට අපහාස නොකරන ලෙසත් වගකීමෙන් යුතුව ඉල්ලා සිටිනවා.
(සුනිල් මාධව ෆේස්බුක් හි සැරිසරන්නේ නැති අතර මනෝරාටද ෆේස්බුක් එන්න වේලාවක් නැති නිසා මේ මඩ ප්‍රහාරය ගැන දැනගෙන සිටියේ නෑ. )”

ඒ අනුව ඒකි පුවත චතුරිකා සිරිසේනට මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට සුනිල් මාධවයන්ගේ නම යොදා ගැනීමය. සුනිල් මාධව ප්‍රවීන ලේඛකයා අප මාතෘභූමියට සුවිශාල කාර්යය භාරයක් ඉටු කල ප්‍රවීන ලේඛකයෙකි.

එවැනි ප්‍රවීනයෙකු මේ වන විට සිටින්නේ රෝගාතුරවය. එලෙස රෝගාතුරව සිටිනා ලේඛකයෙකුගේ නම යොදා ගනිමින් මෙලෙස මඩ ප්‍රහාර එල්ල කිරීම ඉතා පිළිකුල් සහගත බව කලාකරුවන්ද ප්‍රකාශ කර තිබේ.

 

චතුරිකාගේ පොතට මඩ ගහන නීති විභාග හොරට ලියු රාජපක්ෂගේ මෙහෙයුමක සුල මුල!

ඊයේ දිනයේ ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය විසින් “ජනපති තාත්තා” කෘතිය ජනගත කිරීමේ උත්සවය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමිව ජනගත කිරීම සිදු කෙරුණු අතර අද වන විට සමාජ ජාල තුල ඒ පිලිබඳ විවිධ මතවාද ඇති කිරීමට සමත්ව තිබෙනවා.

මෙම පොත දැකීමෙන් වඩාත් කල බල වී ඇති පිරිසක් වෙති ඔවුන් භුමි තෙල් ගෑවුණු ගැරඩියන් සේ කලබල වී ඇති හැඩක් අපට විද්‍යාමාන වනුයේ පරාජිත රාජපක්ෂලාට ගෝත්‍රික ලෙස බැල මෙහෙවර කරන සමාජ ජාල ක්‍රියාකාරිකයන්ගේ ෆේස් බුක් පිටු වල “ජනාධිපති තාත්තා” කෘතිය වෙනුවෙන් පලවන පොස්ට් දුටුවාමය…

එහි ආසන්නතම අවස්තාව වනුයේ ප්‍රවීන කතුවරයකු වන සුනිල් මාධව ප්‍රේමතිලක මහතාට කියා ලක්ෂ 25ක් ණයට ලියවා ගත් ගත් බවට පට්ට පල බොරුවක් පතුරවා යැවීමයි. නමුත් එම බොරුවේ ඔවුන්ම ගිලි මියැදෙන හාස්‍ය ජනකම සිදු වීම වන්නේ එම බොරුව ගෙතූ මුග්ධයා නොදන්නා කරුණයි එනම් සුනිල් මාධව ප්‍රේමතිලක කළා කරුවා පොත් ලිවීමට තබා වසර ගණනාවක් තිස්සේ නැගිට ගැනීමට පවා නොහැකිව රෝගී තත්වයේ පසුවන බව නොදැන බොරු ගෙතීමට ගොස් ඔවුන් අනාථයන් බවට පත් වීමයි.

එයට සාක්ෂි ඉදිරිපත් කල හැකි වුවත් එය අනවශ්‍ය වනුයේ රටේ අහිංසක මිනිසුන් නොමරා පොතක් දොරට වැඩිම නිසා රාජපක්ෂ කොලුවන් උරණ වීම හරහා එම පොතේ හිමි කරුවා කවුද යන්න පැහැදිලි වන බැවිනි.

අද ජනාධිපති දරුවන් තාත්තා ගැන පොතක් ලියා තම පියාට පිලි ගන්වනු ලැබුවත් එදා රාජපක්ෂ ජනාධිපතිගේ පුතුන් තම පියාට ලබා දුන් දායාද මොනවාද යන්න අතීතය මතක රාජපක්ෂ ගෝත්‍රිකයන් නොවන සියලු දෙනාට හොඳින් මතකයේ රැඳී ඇත. කවුරු නොදන්නවා උනත් මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපතිවරයා වසර දෙකකට පෙර පරාජිත ලෙස මැද මුලනට පලවා හැර පාර්ලිමේන්තු මන්ත්‍රී පට්ටමට ඔහුව පහත එලීමට තම දරු තිදෙනා කල උපකාර කෙතරම්ද යන්න රාජපක්ෂ අප්පච්චි ගේ හෘද සාක්ෂිය හොඳින් දන්නවා ඇත…

චතුරිකාගේ පොතට මඩ ගැස්සවීමට දර දිය අදින රාජපක්ෂලා නීති විභාග ලිව්වේ කෙලෙසකද යන්න රටම දනී රාජපක්ෂ තාත්තාගේ නීති විභාගය ලිවූ කෙනා අද ජිවතුන් අතර නැත රාජපක්ෂ පුතා තනි කාමරයක නීති විභාග ලියු හැටි රටම දනී. එදා චිචී බබා මහජන මුදලින් සැටලයිට් යවන විට හා ඔහු ආචාර්ය උපාධි ගත්තා කියා කියනවිට ඒවායේ ඇත්ත නැත්ත ඇසීමට කිසිවෙක් සිටියේ නැත එදා ඒවා ඇසුවානම් ඔවුන් අතුරුදන් වී මෝරුන්ට ආහාර වනු ඇත.

එදා රාජපක්ෂ පුත්තු ගෑනු වෙනුවෙන් රගර් ක්‍රීඩකයන් මරණ විට, රාජපක්ෂලාගේ වෙස් මුහුණු ගලවා ලොවට හෙළිකරන්නට ගිය ලසන්තලාට වෙඩි තබා උල් වලින් ඇන මරා දමන විට, නාවික හමුදාවේ නීති වෙනස් කර යෝශිතලා ලුතිනන්ලා වන විට, ශිරන්තිලාගේ 222222222V හැඳුනුම් පත් අංක වලින් සිරිලියන්ට සවියක් වන විට, පුතුන් තිදෙනා රුසියානු ගණිකාවන් වට කරගෙන දළදා මාලිගාව වටේ රේස් පදින විට, ඒවාට එරෙහිව කතාරන්නට තියා කටේ කෙල බිඳක් හෙලන්නට නිදහසක් නොතිබුණු රට තුල අද ඕනෑම කෙනෙකුට තම අදහස් ප්‍රකාශ කිරීමට හැකි වටා පිටාවක් නිර්මාණය වී ඇත.

ජනවාරි 8 ඒ ලේ වැගිරීමකින් තොරව සිදු වූ වෙනස අද සැමට දැනෙමින් පවතින නමුත් රාජපක්ෂ ගෝත්‍රිකයන් එය වල් බුරු නිදහසක් කරගනිමින් ජනපති මෛත්‍රී ඇතුළු පවුලේ සැමට මඩ ගසන්නට වට පිටාව සකස් කරගෙන තිබෙන්නේ දිනෙන් දින ගිලිහෙන තම බලය මඩ වලින් වසා ගැනීමට සිතාගෙන විය හැකිය. නමුත් අද විවේචන නින්දා අපහාස සම සිතින් විඳ ගැනීමට සමත් අට ලෝ දහම හොඳින් හඳුනන උතුම් මිනිසකු රටේ නායකයා වී ඇත. ඔහු වෙනුවෙන් තම දියණිය ලියු කෘතියේ කියැවෙන්නේ ඒ අපුරු නිහතමානි මිනිසා ගමේ ගොවි පවුලක සිට රටේ නායකයා දක්වා ආ ආදර්ශවත් ගමන් මගේ ජනතාව නොදත් සංවේදී කතාවයි…

ඒ කතාව ජනගත වනු දරාගත නොහැකි රාජපක්ෂ සනුහරය හා ඔවුන්ගේ ගෝත්‍රික බත් බැලයන් අද සතුටු විය යුත්තේ රටේ නායකයාට හා ඔහුගේ පවුලට එරෙහිව කුමක් කීවත් අද වෙබ් අඩවි තහනම් වන්නේ නැති නිසාය, TV චැනල් ගිනි තබන්නේ නැති නිසාය, මාධ්‍යවේදීන් අතුරුදන් කිරීමට සුදු වැන් නොයවන නිසාය, මාධ්‍යවේදීන් පැහැරගෙන මෝරුන්ට ආහාර නොවන නිසාය, කොටින්ම මාධ්‍ය ඇතුළු රටේ සියලු පුරවැසියන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරැකීමට කිරීමට ගමෙන් ආ සොඳුරු මිනිසා මාර්ගය විවර කොට ඇති නිසාය. ඒ සැබවින්ම ඔහු මෛත්‍රී නිසාය….