ඊයේ  දින කොට්ටාව හා හෝමාගම ප්‍රදේශයේදී ඩෙංගු මර්ධනය උදෙසා පරිසරය සුද්ද පවිත්‍ර කිරීමේ හා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාගේ සහ ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මියගේ සහභාගිත්වයෙන් ක්‍රියාවට නැංවුනා.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාද එක්වූ මේ වැඩසටහන තුලදී  ප්‍රදේශයේ ඩෙංගු මර්ධනයට අවශ්‍ය කටයුතු සිදු කෙරුණු අතර ඩෙංගු පැතිරීම හා බෝ වීම පිළිබඳව ජනතාව නොදන්නා බොහෝ කරුණු මෙහිදී දැනුවත් කිරීමට අදාළ අංශ පියවර ගනු ලැබුවා.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමජිකයින් පිරිසක්ද මේ උදෙසා සහයෝගය ලබා දුන් අතර ඉදිරියටත් මෙම වැඩසටහන ඩෙංගු වසංගතය මැඩලීම උදෙසා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වනවා.

මෙම අවස්ථාවේ චායාරුප කිහිපයක් පහතින්…