ශ්‍රී ලංකාව තුළ සංහිඳියා යාන්ත්‍රණය ඇති කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මූන් මහතා නිශ්චිත කාලසීමාවක් ලබානොදුන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මේ නිසා ශ්‍රී ලංකාවට තවදුරටත් කාලය ලබාදෙන ලෙස  ජගත් මහලේකම්වරයාට තමා පැවසුවේ යැයි ජනාධිපතිවරයා කියයි.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මූන් මහතා  හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුවක් ජනපති නිල නිවසේදී ඊයේ පස්වරුවේ  සිදුවිය.

එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මහලේකම්වරයාගේ අදහස් මෙන්ම ශ්‍රී ලංකාව තුළ වත්මන් සංහිඳියා යාන්ත්‍රණය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා මෙරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවට ලක්ව ඇතැයි සඳහන්ය.

 

14068143_10154331144886327_5527671888429802841_n 14212037_10154331144381327_3258196272660008764_n

LEAVE A REPLY