ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා. රාජගිරියේ පිහිටි ඒ මහතාගේ සහෝදරයෙකුගේ නිවසේදී ඊයේ රාත්‍රියේ ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වනවිට 73 වන වියේ පසුවුණා. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මියයාමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත්වූ සෝමවංශ අමරසිංහ 1990 වසරේ සිට 2014 වසර දක්වා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ කටයුතු කළා. 2014 වසරේදී ජනතා විමුක්ති පෙරමුණින් ඉවත්වන විට ඔහු එම පක්ෂයේ සිව්වැනි නායකයායි.

LEAVE A REPLY