බලය බෙදාගනිමින් බෙදී වෙන්වීමට උත්සාහ කරන්නේ අශිෂ්ඨ මිනිසුන් බවත් ක්‍රීඩාව තුලින් අශිෂ්ඨ මිනිසුන් ශිෂ්ඨ සම්පන්න කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට සහභාගී වෙමින් ප්‍රකාශ කලා.

ක්‍රීඩා කිරීම සදහා පළාත් වශයෙන් කණ්ඩායම් වලට බෙදුනද රට ගොඩනැගීම සදහා සිංහල, දමිළ මුස්ලිම් සියලු පිරිස් එක්ව ක්‍රියා කල යුතුය යන්න ජනාධිපතිවරයා එහිදි පැවසීය.

පසුගිය දිනක උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් සිදුවූ අතර එවන් තත්වයක් යටතේ ඔහු සහභාගී වූ රැස්වීමක ජනාධිපතිවරයා විසින් මෙසේ අදහස් පළ කිරීම විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයාට සහ ඔහු නියෝජනය කරන ජාතිවාදී පාර්ශවයන්ට ප්‍රභල අතුල් පහරක් බව දේශපාලන විචාරකයින්ගේ මතය වී තිබේ.

LEAVE A REPLY