පසුගියදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී කටාර් තානාපති ගැන ප්‍රශ්න තියෙනවා යැයි ඇමැතිනි තලතා අතුකෝරාල පැවසුවා. නමුත් ඔහු පත් කළේ කවුදැයි යන්න ගැන කිසිවකුටත් හරියට දැන සිටියේ නැත. ඒ නිසා කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනෙක් විසින්ම කටාර් තානාපති සහ තවත් තවත් තානාපතිවරුත් විවේචනය කෙරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වන්නට වූයේ ඒ අනුවය.

“මම පත් කළා කියලා කමක් නෑ.  වැරැද්දක් තියෙනවා නම් අයින් කරලා දාන්න“ ජනාධිපතිවරයා දැඩිව පැවසීය.

ඒ ප්‍ර‍තිචාරයෙන් කැබිනෙට්ටුවම මීයට පිම්බාක් මෙන් විය. මෙතරම් වේලා විවේචනය කර තිබුණේ ජනාධිපතිවරයා විසින් පත් කළ නිලධාරියකු වීම ගැන ඔවුන් නිසොල්මන්වද්දී ජනාධිපතිවරයා ඊට දැක්වූ ප්‍රතිචාරය කැබිනට් ඇමැතිවරුන් පවා බලා‍පොරොත්තු නොවූවකි.