ජනාධිපතිවරයාගේ නිළ වෙබ් අඩවියට අයුතු ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවා සහ තරුණයා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි 27 හැවිරිදි තරුණයා රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින්  වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පරිවාස භාරයට පත් කර සිටි 17 හැවිරිදි පාසල් සිසුවා රුපියල් ලක්ෂ 10 බැගින්  වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇත.

අදාළ පාසල් සිසුවාට මින් ඉදිරියට මෙවැනි ක්‍රියාවල යෙදීමෙන් වළකින ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරයා පසුගිය මාස 06ක කාලය තුළ ඔවුන්ගේ අන්තර්ජාල ගිණුම් පිළිබඳ දත්ත ඇතුළත් බිල් පත්‍ර අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ඔහුගේ මව්පියන්ට නියම කර තිබේ.

මේ අතර එම පාසල් සිසුවා පිළිබඳ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් පරිවාස නිළධාරින් සඳහන් කර සිටියේ අන්තර්ජාලය ඔස්සේ මිතුරන් ඇසුරු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි

LEAVE A REPLY