ඔස්ට්‍රේලියානු  වෙබ් අඩවියක පළවු ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික අවධානය යොමුව තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ඒ මහතාගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සම්බන්ධව සිදුවූවා යැයි පැවසෙන සිද්ධියක් පිළිබඳව සිඩ්නි මෝනින් හැරල්ඩ් වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තිය පිළිබඳව ජනාධිපතිවරයාගේ එසේ පෞද්ගලික අවධානය යොමුව ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එවැනි සිද්ධියකට  කිසිදු සම්බන්ධයක් හෝ දායකත්වයක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවයි.

අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාට උපදෙස් දී ඇති බවද එහි සඳහන්ය.

තම දේශපාලන ජීවිතයේදී කිසි දිනෙක දූෂණ අක්‍රමිකතාවක් සඳහා මැදිහත් වීමක්, අනුබල දීමක් හෝ සම්බන්ධවීමක් සිදු වී හෝ සිදු කර නැතැයිද ජනාධිපතිවරයා අවධාරණය කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය පහතින් පළ වේ

press