නෛතික වශයෙන් බලපෑමක් නොවන රහස් ද තිබිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේය.

පසුගියදා මාතරදී පැවැති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය පාලන සමයේ රහස් හෙළිකරන බවට සිදුකළ ප්‍රකාශය ගැන මාධ්‍යවේදීන්‍ එහිදී ප්‍රශ්න කළේය.

රාජිත සේනාරත්න මහතා කියා සිටියේ රහස් සහ ෆයිල් යනු එකක් නොව දෙකක් බවයි.

ජවිපෙ මන්ත්‍රීවරුන් රහස් හෙළිකරන්නැයි කීවද අවශ්‍ය වේලාවට ඒවා හෙළිකරනු ඇතැයිද ඒ අයට අවශ්‍ය පරිදි රහස් හෙළි කිරීමට නොහැකි බවද අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

එක් එක් පුද්ගලයින් සතුව විවිධාකාරයේ රහස් තිබිය හැකි බවද පැවසූ අමාත්‍යවරයා නෛතික වශයෙන් බලපෑමක් සිදුකළ  නොහැකි රහස් ද තිබිය හැකි බව පැවසුවේය.

ජනාධිපතිවරයා එදා සිදුකළේ තර්ජනයක් නොවන බවද ආණ්ඩුව පවත්වාගෙන යාමේ බියක් නැතැයිද කියා සිටියේය.

මේ අතර අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීමෙන් පසු එහි ලේකම්වරයා ලෙස මනෝ තිත්තවැල්ල මහතා පත්කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

එහිදී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා කියා සිටියේ අදාළ කාර්යාලයේ ප්‍රධානීන් 7 දෙනා ලෙස පත්කරනුයේ ලාංකිකයින් බවයි.

LEAVE A REPLY