නාමල් රාජපක්ෂ හිරේ යෑමෙන් හිත් වේදනාවට පත් රාජපක්ෂ සමාගම ඊට පලිය වත්මන් ජනාධිපතිගේ පුත්‍රයා දහම් සිරිසේනගෙන් ගැනීමට කුමන්ත්‍රණය කර ඇතැයි අප අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

පිටකෝට්ටේ නිවසකදී විමල් වීරවංශ මහතා හා ඔහුට  ඉතාම හිතවත් තවත් පිරිසක් සමග මේ ගැන සාකච්ඡා කර ඇති රාජපක්ෂවරු, දහම් සිරිසේනට එරෙහිව මඩ පෝස්ටරයක් ගැසීමට කොන්ත්‍රාත්තුව  ඔවුනට බාරදීමට  තීන්දු කර තිබේ.

දහම් සිරිසේන බිස්නස් ඩීල් දැමීමක් ගැන කීවාට එවැන්නකට කිසිදු සාක්කියක් නැති බැවින් දහම් තරුණයෙක් නිසා ගෑණු හුට පටයක් පටලවා මඩක් ගැසීමට අවසානයේ තීරණය කර තිබේ.

ඒ අනුව දහම් සිරිසේන සහ කෙල්ලක් පටලවා කතන්දරයක් හදා මඩ පෝස්ටරයක් නිර්මාණය කිරීම විමල් වීරවංශ විසින්ම බාර ගෙන තිබේ.

මේ අතර විමල් වීරවංශ ඇමැතිව සිටියදී ඔහුගේ අයියා සරත් වීරවංශ විසින් රජයේ දේපොල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට එන්නැයි කීවද පොලිසිය මග හරිමින් සිටී.

ජාතික නිවාස අධිකාරියේ සහ ජනාධිපති ලේකම් කාර්යයාලයේ වාහන 12 ක් හොරට අලෙවි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සරත් වීරවංශ පොලිස් විශේෂ මූල්‍ය අපරාධ කොට්ඨාශයට අවශ්‍ය වී ඇත.