නිතිය ඉදිරියේ සියලු දෙනා සමාන බව ආන්ඩුක්‍රම ව්‍යස්තාව පිලිගත් අයිතියකි. මහින්ද රාජපක්ෂ ආන්ඩු සමයේදි ඔවුන් මෙම අයිතිය පිලිනොගත්තේය.ඒම නිසා ඔවුන් 17වන සංශෝදනය අකුලා දමා 18වන ව්‍යවස්තාව හඳුන්වාදෙමින් එතෙක් නාමිකව හෝ පැවති ස්වාධිනව පැවති කොමිසන් සභා ගොන්නම හමස්පෙට්ටියට දැම්මේය. ( මේ අතරේ 17වැනි සංශෝදනය යටතේ වු කොමිසන් සභා සතුවු නාමික ස්වාධිනත්වයේ අනතුරැ පිලබඳවු එකල සංවාදයට ඔබගේ අවදානය යොමු කරමි: ජාතික හෙලඋරැමය/ප්‍රියන්ත චන්ද්‍රප්‍රෙම එදිරිව ශිරාල්- කදිරගාම මධ්‍යථානය, සහ ඩිව් ගුනසේකර වාර්තාව) මහින්ද ආන්ඩුව පෙරලා දැමු අපට 19වන සංශෝදනය යටතේ නැවතත් ස්වාධින කොමිසන් සභා ව්‍යුහයක් ලෙස හඳුන්වා දිමට සමත් වුවද එකි කොමිසන් සභා පුර්න ලෙස ස්වාධින කිරිමේ කාර්යපටිපාටිය හඳුන්වා දිමට මේවනතෙක් අපොහොසත් වි තිබේ. මෙවැනි කාර්යපටිපාටින් හඳුන්වාදිය යුතුව තිබෙන්නේ අදාල සභා තුල තින්දු තිරන ගැනිම ඇතුලු කාර්යාවලිය (procedure) සහ ක්‍රමය (systems) පවත්වාගැනිමට අදාලවය.( මෙවැන්නක වැදගත්කම අවධාරනය කරන ලිපියක් රාවය පුවත්පතට වික්ටර් අයිවන් ඔක්තෝම්බර් කලාපයට ලියා ඇත). මෙවන් වු රෙගුලාසි පද්දතියක් නොමැතිකල අනතුරට ලක්විමට පලමුව ඉඩපවතින්නේ යම්‍ නිලධාරියකු විසින් භාවිතා කරනු ලබන අභිමතයයි.( පසුගිය මාසවල රාජ්‍ය සේවා කොමිසන් සභාව තම අභිමතය භාවිතා කල අන්දම සිහිපත් කරන්න?මානව හිමිකම් කොමිසම මැතකදි තම පරික්ෂන නිලධාරියකු සේවයෙන් ඉවත් කරනු ලැබුයේ කුමක් නිසාදැයි සොයා බලන්න? අල්ලස් කොමිසම ඉදිරියේ යමෙකුට ඒරෙහිව පැමිනිල්ක් ඇති විට ඒපිලිබඳව පරික්ෂන ආරම්බ නොවිමට ඇතිහේතුව හෝ X නමැති පුද්ගලයකුට එරෙහිව චෝදනා කිපයක් ඇති විට එක් චෝදනාවකට නඩු දමන්නටත් අනෙක්වා පස්සට දමන්නට දමන්නට හෝ ඒවා කුනු බක්කියට දමන්නට හේතු මොනවාදැයි සොයා බලන්න?) ඒකි සියලු කරැනු අවසානයේදි ලඝු වන්නේ අදාල නිලධාරින් විසින් භාවිතා කරනු ලබන අභිමතය තුලටය.

ලාංකික තත්ව යටතේදි මෙන්ම අන්තර්ජාතික තත්ව යටතේදිද මෙම අභිමතය දේශපාලනික හා වෙනත් කරැනු හේතුකොට ගෙන අවභාවිතයට ලක්විමට ඉඩ පවතින බව අවිවාධිතය.එම නිසා අධිකරනය විසින් අදාල අභිමතයන් නිසි ලෙස භාවිතා කිරිම සඳහා අධිකරනමය නිර්නායක හඳුන්වා දි තිබේ.(බලන්න ඉන්දියානු නඩුතින්දුවක් වන දාල්මියා නඩුව.මෙය ලංකා අධිකරනයද අනුමත කරයි.) මෙමගින් සිදුකරන්නේ නිතිය ක්‍රියාත්මක කිරිම සාධාරන විය යුතුවාක් මෙන්ම ඒ බව සමාජයට ඒත්තු ගැන්විය යුතුය යන නිති සංකලපය පන ගැන්විමය.එමගින් යම්‍ අභිමතයක් භාවිතා කිරිම තාර්කික හා සාධාරන රාමුවකට ගෙනඑනු ලබයි.අවාසනාවකට ස්වාධින කොමිසන් සභා ව්‍යුහයන් රටට හඳුන්වා දුන් රජය මේ අවශ්‍යතාවය පිලිබඳව තැකිමක් නොකලේය.

එය සැබවට නිදාසිටිම නිසා සිදුවුවක්ද එසේ නැතහොත් බොරැ නින්දක ප්‍රථිපලයක්දැයි පසුවට විශ්ලේෂනය කරගතයුතුව තිබෙන්නකි. නමුත් මෙකි අතපසු කිරිමේ ප්‍රතිපලය වුයේ රට තුල නිතියේ ආධිපත්‍ය පිලිබඳ විශ්වාසය පලුදු විමයි. ( මෙරට සමාජය නිරමිතව පවතින්නේ ජන.8 ජයග්‍රහනය ලැබු ජනතාවගෙන් පමනක් නොවේ.අපට එරෙහි මතයක් දරන්නන්ද සංඛ්‍යාතමකව අපට වඩා අඩුවන්නේ සිමිත ප්‍රතිශතයකිනි.) මෙකි තත්වය නොතකා අධිකාරිවාදි ලෙස කටයුතු කිරිම රටක නිතියේ ආධිපත්‍යට අදාලව ගත්කල බරපතලව සැලකිල්ලට ගතයුත්තකි. විශේෂයෙන්ම දේශපාලනිකව ආන්දෝලනාත්මක අපරාධ චෝදනාවලදි බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය එතරම් හිතකර ප්‍රථිපල අපට අත්කර නොදුන් බව අපට ඉතිහාසය මගින් ම කියාදෙති.( සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ සිවිල් අයිතිය නැති කිරිමට අදාල ජනාධිපති විමර්ශන කොමිසන් සභාව, ජවිපෙට එරෙහි අපරාධ යුක්තිකොමිසන් සභා ක්‍රියාවලිය.)
වෙනත් රටවලදි මෙවැනි දේශපාලනිකව සංවේදි වැරදි/අපරාධවලට එරෙහිව යුක්තිය පසඳලිමේදි ව්‍යවස්තාදායකයේ මැදිහත්විම යම්‍ වරදකට එරෙහිව කටයුතු කිරිමේදි එය දේශපාලනිකරනය විම වැලැක්විමට යොදාගැනිම පිලිබඳ අත්දැකිම්‍ තිබේ. ඒ සඳහා හොඳම උදාහරනය වන්නේ අමරිකානු ව්‍යවස්තාදායකය යටතේ පිහිටුවා තිබෙන House of judiciary committee යටතේ පහිටුවා ක්‍රියාත්මක වන Sub Committee on Crime, Terrorism,Homeland Security,and Investigations නමති කමිටුවයි. ඒ යටතේ දේශපාලනිකව වැදගත් චෝදනාවක් අධිකරන ක්‍රියාවලියකට යොමුකිරිමට පෙර බැලුබැල්මට පෙනෙන නඩුවක් ඇතිදැයි දෙශපාලනිකව මධ්‍යස්ත කෝනයකින් (Bi-partisan angle) සොයාබලති.

ලංකාවටත් මෙවැනි උත්සාහයක් තරම්‍ වන්නේද යන්න සොයා බැලිය යුතු වන්නේ අප සමාජය ප්‍රකට කොට තිබෙන දේශපාලනික ධ්‍රැවිකරනය දෙස බැලිමේදිය.මෙකි ප්‍රවනතාවය සැම විටම හරි දෙය වැරදි ලෙසටත්, වැරදි දේ තවත් වැරදියටත් කරවිමට අප පොලඹවාලනු ලබයි. එයට ප්‍රධානතම හේතුව අපගේ නොදැනුවත් භාවයයි. උදා . අප සිතන්නේ දැන් අපට ස්වාධින කොමිසම්‍ පවතින බවය.එය එසේ නොවන බව ඉහතින් අප දක්වා ඇත. නමුත් එවා ස්වාධින කල හැකිව තිබේ.ඒ බව තවදුරටත් තහවුරැ කිරිම සඳහා අවශ්‍යනම්‍ සජිවි උදාහරන ගෙන හැර දැක්විය හැකිව තිබේ. ජනාධිපති වරයා ගේ කතාවේ හරය වි ඇත්තේ විවිධ අපරාධ පරික්ෂන ආයතනයන් සිය අභිමතය භාවිතා කිරිමේදි ගන්නා ලද සිය තින්දු තිරන සාධාරන නොවන බවත් ඒවා දේශපාලනකරනය වි ඇතිබවත්ය. ඇතමුන් ජනාධිපති වරයා මෙම ප්‍රකාශය එලිපිට මහජනතාවට ඉදිරියේ සිදුකිරිම පිලිබඳව දොස් නගයි. ආන්ඩුක්‍රම ඔස්තාර් ලා සිටින පිලකට ඉහත දැක්වු සරල ප්‍රථිකර්ම සිහියට නොඑන්නේ නොදැනුවත් කම නිසා නොව ඔවුන් බොරැවට නිදන නිසාය. එසේ නම්‍ ඔවුන් අවදි කල හැක්කේ ශිත කාමර තුල සිදුකෙරෙන ප්‍රථිපල නොදෙන සාකච්‍ඡා තුල නොව මහජනතාව ඉදිරියට මෙම කථාව ඉදිරිපත් කිරිමෙන් යයි අපසිතමු.ඒ නිසා ජනපතිවරයාගේ කථාවට උඩුබුරැලැම වෙනුවට අප සිදුකල යුත්තේ සමාජයක් ලෙස එකි මතුකල ප්‍රශ්නයට සිදුකලයුතු හරයාත්මක මැදිහත්විම්‍ පිලිබඳව සංවාදයක යෙදිම අද දවසේ අප සතු යුතුකම නොවන්නේද? ඒ සඳහා අප තෝරාගතයුතු පුවිශ්ඨය විය යුත්තේ ජනපති වරයා ඉදිරිපත් කරන දුක්ගැනවිල්ල පිලිබඳව දයලෙක්තික ප්‍රවේශයකින් යුතුව කටයුතු කිරිමයි.සාධාරන සමාජයක් සඳහා වන ව්‍යාපාරය එදා අප ගොඩනැගුවේද එවන්වු ප්‍රවිශ්ඨයකින් යුතුවය. එදා එම මල් වට්ටියට යාන්තමින් අත ගැසු අයට අප ඉදිරියේ පවතින සංකිර්නවු අභියෝග නොපෙනෙන බව හා නොහැඟෙන බව නම්‍ පැහැදිලිය.

සැමදා ඔවුන් කරන්නේ වලිගයක එල්ලි දිව්‍ය ලෝකයට යාමටය.සාධාරන සමාජයක් සැබෙවින්ම අනාගතයේදි ගොඩනැගිමට අවශ්‍ය වන්නේ නම්‍ ඒ සඳහා වන බුද්ධිය ද දිර්ඝකාලිනව ක්‍රියාකාරිකයකුව සිටිමේ අතදැකිමද මයික්‍රෆෝනයෙන් හා පැනෙන් එපිටට ගොස් ලබා ගන්නට අවශ්‍යව තිබේ. ඒ සඳහා ශක්තිය හා ධ්‍යර්යය ලැබේවා යයි මම ඔවුනට ප්‍රාර්ථනය කරමි.