එක්සත් ජාතීන්ගේ 71වන මහාමණ්ඩල රැස්වීම ආමන්ත්‍රණය කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට ජෝන් එෆ් කෙනඩි ගුවන්තොටුපළින් මීට ස්වල්ප මොහොතකට පෙර ජනාධිපතිවරයා නිව්යෝර්ක් වෙත ළඟා වූවේය.

අද ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය ලබන 26 වනදා දක්වා පැවැත්වෙන අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑං කී මූන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව මෙවර හේතුන් කිහිපයක් මත විශේෂත්වයක් ගනු ලබනවා.

වසර 10ට අධික කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ධුරය දෑරූ බෑං කී මූන් මහතා සහභාගී වන අවසන් සැසිවාරය මෙය වන අතර මීට අමතරව සංක්‍රමණිකයින් පිළිබඳ සමුඵවක් ද මෙහිදී පැවැත්විමට නියමිතය.

එම සමුළුවේ ප්‍රධානත්වය අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් දරනු ලබන අතර, බැරැක් ඔබාමා ද මෙම සමුළුව ඇමතිමට නියමිත අතර ඔහු විසින් මෙම සමුළුව අමතනු ලබන අවසන් අවස්ථාව බවද සඳහන්ය. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 21 වනදා මෙම සමුළුව ඇමතීමට නියමිතය.


14409573_10154382936776327_4477337127635532303_o 14409617_10154382936771327_7906643501054894416_o

LEAVE A REPLY