ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගීවීමට ගොස් අමෙරිකාවේ නිව්යෝක් නුවර සිටියදී මාධ්‍යවේදීන් සමග භෝජන සංග්‍ර‍හයකට එක්විය. ඒ ජනපති නවාතැන්ගත් හෝටලය ආසන්නයේ පිහිටි ඉන්දියානු අවන්හලකදීය.

ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයාට මැද වෙනම ආසනයක් සූදානම් කර තිබූ අතර මාධ්‍යවේදීන්ට වෙන් කර තිබුණේ දෙපස ආසනය.

“මට මාධ්‍යවේදීන් එක්ක ඉන්නකොට මොන ‍ප්‍රොටකෝල්ද? මට මෙතැන ලොක්කා වගේ ඉන්න ඕන නැහැ. ගයන්ත ඔයා මේ මට වෙන් කරලා තියෙන පුටුවට එන්න“ යැයි ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකට පැවසූ ජනපති සිය ආසනය ගයන්තට දෙමින් මාධ්‍යවේදීන් අතරේ තිබූ ආසනයකට පැමිණ වාඩිවිය. ජනපති එහිදී පැයකට අධික කාලයක් තිස්සේ මාධ්‍යවේදීන් කතාබහ කරමින් ආහාර ගෙන තිබෙනවා.

20160919_131003