මධ්‍යම පළාතේ මාතෘ සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණෙන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාල සංවිධානය කළ ගැබිණි මව්වරුන් සදහා පෝෂණ මලූ හා වියළි සලාක බෙදාදීමේ විශේෂ වැඩසටහනක් අද (16) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

ජනාධිපතිතුමන් එම උත්සවයට යන අතර මාර්ගයේ හරි අපුරු සිදුවීමක් වාර්තා වනවා එනම් අස්ගිරිය ක්‍රීඩාංගනයේ සිට ජනාධිපති මැදුරට ජනාධිපතිතුමන් යන මාර්ගයේ නිවෙසක එක කුඩා දැරියක් මාර්ගය අසලට පැමිණ ජනපතිතුමන් ගමන් ගන්නා රථය දිහා බලාගෙන සිට ඇති අතර ජනාධිපති මන්ධිරයේ පැවති උත්සවය අවසන් වී නැවත ජනාධිපතිතුමා එන විටද  මෙම කුඩා දැරිය මාර්ගය අසලට පැමිණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රථය දිහා බලාගෙන සිට ඇත.

මෙය දුටු ජනාධිපතිවරයා වහාම රථ පෙළ නවත්වන ලෙස ආරක්ෂක අංශ වලට දැනුම් දී  පසුව මාර්ගය අසල සිටි කුඩා දැරිය කිසිලෙසකින්වත් නොසිතු පරිදි දැරිය අසල නතර වූ කාර් රථයෙන් ජනාධිපතිතුමා බැස දැරිය වෙත ගොස් ඇයගේ සුවදුක් විමසා ඇති අතර දැරියගේ දෙමාපියන්ටද මෙම සිදුවීම අදහා ගත නොහැකිව ඇත.

කුඩා දැරිය සමග මාර්ගයේ අසල සිටම සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා අවට රැස්වූ පිරිස සමඟද කතා බහ කොට ඉන් පසුව එම ස්ථානයෙන් නික්ම ගියේ එම කුඩා දැරියට ජිවිතේ කිසිම දිනක අමතක නොවන සිදුවීමක් ඉතුරු කරමිනි…