ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත්කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කර ඇත.

ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගනු ලැබූ අතර ලබන සඳුදා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නව මහබැංකු අධිපතිවරයා ලෙස පත්කෙරෙණු ඇත.

01 (10)

1950 අප්‍රේල් මස තුන්වන දින උපත ලද ආචාර්ය ඉන්ද්රජිත් කුමාරස්වාමි මහතා කොළඹ රාජකීය විද්‍යාලය, සහ එංගලන්තයේ හැරෝ යන පාසැල් වල පාසල් අධ්‍යාපනය ලබා ඇත. එතුමා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සිය මූලික උපාධිය ලබා සසෙක්ස් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබා ගත්තේ ය. 1973 දී ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සම්බන්ධවූ එතුමා , ආර්ථික පර්යේෂණ, සංඛ්‍යා ලේඛන සහ බැංකු අධීක්ෂණ කොට්ඨාස මාණ්ඩලික නිලධාරියෙකු ලෙස 1981 දක්වා කටයුතු කර ඇත. 1981 සිට 1989 දක්වා ඔහු මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ සේවය කර ඇත. ඉන් අනතුරුව ඔහු , 1990-2008 දක්වා  පොදුරාජ්‍යා මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක, ආර්ථික කටයුතු අංශය සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ යන තනතුරු  දරා ඇත. නැවතත් නියෝජ්‍ය අධ්‍යක්ෂ, සමාජ පරිවර්තන වැඩසටහන අංශය සඳහා ප්‍රධානියා ලෙස පොදු රාජ්ය මණ්ඩලීය ලේකම් කාර්යාලය වෙත ආපසු ගෙන එන ලදී. ඔහු දැනට ගැලියන් සමූහ විශේෂ උපදේශක වේ.